එක පාරටම මල කෙලියක්නෙ මට වුනේ. අද රාත්‍රි යාමේ මම මේ ජංජාලෙ සැරි සරමින් ඉන්නකොට එක සැරේටම මගේ ලැප්ටොප් පොඩ්ඩෙන් යකෙක් වගේ එකෙක් මතු වුනා. මට හිතා ගන්න බැරි වුනා මොකද වුනේ කියලා. යකෙක් කීවට යකෙක්මත් නෙමෙයි. ඒත් යකෙක් දැක්කට වඩා මම බය වුනා. ඒක මුළු තිරයම පුරා වැහුනු මැසේජ් එකක්.
මම ඉතින් උඩ ඉදල පහලට කියවගෙන ගියා. ඒකෙ අන්තර්ගතය වුනේ මෙන්න මෙහෙම දෙයක්
පසුගිය කාලය තුල අන්තර්ජාලයේ අපරාධයන් කිහිපයක් සිදු කර තිබේ. අපගේ පරිගනක වැඩසටහන නිපදවා ඇත්තේ එවැනි සයිබර් අපරාධයන් වැලක්වීම සදහායි. ඔබ පරිඝනකයෙන් පසුගිය පැය කිහිපය තුල අනවසර වෙබ් අඩවි කිහිපයකට ඇතුළු වීම, මෘදුකාංග අනවසරයෙන් පිටපත් කිරීම, චිත්‍රපට අනවසරයෙන් පිටපත් කිරීම ආදී සයිබර් අපරාධයන්ට අදාල ගොනු 19ක් මෙම මෘදුකාංගය මගින් සොයා ගන්නා ලදි. එවැනි ක්‍රියා ඔබගේ රට තුලදී දැඩි දඩුවම් ලැබිය හැකි වරදවල් වේ. එබැවින් තව පැය 4ක් ඇතුලත ඔබගේ සියළු තෙරතුරු ඔබගේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලැබීමට සලස්වනු ලැබේ. ඔබේ පරිඝනකයේ ඇතුලත් දත්ත අධිකරන ක්‍රියාවලිය සදහා සාක්ෂි වන බැවින් ඔබගේ පරිඝනකයේ දෘඩ තැටියට ඇතුල් වීමට හෝ වෙනත් කිසිම කිසිම ක්‍රියාකාරමක් කිරීමට ඔබට නොලැබෙනු ඇත.
කාලා වරෙන්කො ඉතින්. මම හොදටම බය වුනා. ඇයි මල හත් ඉලව්වෙ, ලංකාවෙ ඉන්න අපි පාවිච්චි කරන්නෙම අනවසර මෘදුකාංගනෙ. ඒ විතරක්ද, චිත්‍රපටි, සිංදු හැම මගුලක්ම හොර කොපි තමානෙ. ඉතින් බය නොවී කොහොමද? ඒ මදිවට පහුගිය කාලෙ පොලීසියත් ඔය හොර කොපි හොයන මෙහෙයුමක් කලා කියලත් අහල තිබුනනෙ. ඒ මදිවට කීවත් වගේ මගේ කම්පියුටරේ සිරාවටම ලොක් වෙලා. මුකුත් තරන්න බෑ.
ඔන්න මම අර පනිවිඩේ ඉතුරු ටිකත් උඩින් පල්ලෙන් කියෙව්වා. ඒත් වැඩිය ඒක තේරුනේ නෑ. මොකද මම බය වෙලානෙ හිටියෙ.
මම ඉතින් දන්න දන්න සෙල්ලම් ටික දාලා බැළුවා මේ කරදරෙන් ගැලවෙන්න. ඉස්සල්ලම කලේ හැමදාම කරන කෝකටත් තෛලෙ පාවිච්චි කරපු එක. ඇත්තටම ඉතින් ඒක විතරයි දන්න එකම සෙල්ලමත්. එබුවා කන්ට්‍රෝල්+ඕල්ටර්+ඩිලීට්. ඕකනෙ ඉතින් අපි හිරවුනු ගමන් දාන සෙල්ලම. ම්හ්.... ඒකටත් හරියන්නෙ නෑ. ටාස්ක් මැනේජර් දෙන්නෙ නෑ.
මම ඉතින් මගේ ගන දෙවි මොලේ පාවිච්චි කරලා පවර් බොත්තම ඔබාගෙන හිටියා ඕප් වෙනකල්. ඒ වැඩේ නම් හරි. ආයෙත් පනගන්නලා බැළුවා. මලා... රහස් වචනෙ ගහපු ගමන් අර කලින් ස්ක්‍රින් එකම ආයෙත් ආවා. දැන් ඉතින් මොනවා කරන්නද? පනිවිඩේ ආය මුල ඉදලා කියෙව්වා.
දැන් තමා ඉතුරු කොටස තේරෙන්නෙ.
මෙහෙමයි තිබුනෙ.,
ඔබට මෙයින් ගැලවීම සදහා කල හැක්කේ පහත සදහන් දුරකථන අංකයට ඇමතුමක් ලබා ගැනීමයි. එවිට ඔබට ලැබෙන රහස් අංකය පහත හිස් කොටුවේ සදහන් කල පසු ඔබට නැවත කිසි දින මෙම මෘදුකාංගයෙන් බාධා ඇති නොවනු ඇත. ඇමතුමක් සදහා 0.7$ වැයවනු ඇත.
දැන් නම් ටිකක් බය ඇරුනා. මේ නම් වෙන්නෙ වෙන දෙයක් කියලා මට තේරුනා. ඒත් ඉතින් තාම මේ මගුල හිරවෙලානෙ. මම බැළුවා මට තිබුන එකම සරණ දිහා. පෝන් එක. ඒත් ඉතින් ඒකෙ තියෙන්නෙ සත ගානක් විතරයි. දැන් ඉතින් මොකද කරන්නෙ. කෝකටත් කියලා ආයෙත් පාරක් පවර් බොත්තම ඔබලා වහලා ආයෙත් පන ගැන්නුවා. මේ පාර මට සිරාවටම ගන දෙවි නුවන පහල වුනා. මේ සැරේ මම ගියේ safty mode එකට. වැඩේ හරි. දැන් අර අවුල නෑ. ඒත් ආයෙත් සාමාන්‍ය විදිහට ඇතුලු වුනාම හිරවෙනවා. ටිකක් කල්පනා කරලා ආයෙත් safty mode ගියා. දුන්නා සිස්ටම් රී- ස්ටෝ එකක්. හොද වෙලාවට දවස් දෙකක් පිටි පස්සට විතරයි ගියෙ. වැඩේ හරි ගියා. දැන්නම් ඉතින් නිවන් ගියා වගේ දැනුනා. ඇයි දෙයියනේ, මේකට මොනවා හරි වුනා නම් ඉදලා ඉවරයිනෙ. අම්මපා. ඇත්තටම මගේ පෝන් එකේ රු.100ක් වත් තිබුන නම් මම ඒ අංකෙට කරනවා. හොද වෙලාවට සල්ලි තිබුනෙ නැත්තෙ.
මේ අතරතැබ්බිය වෙන්න මුල් වෙන්න ඇත්තෙ මොකක් හරි වෙබ් සයිට් එකක් වෙන්න ඇති කියලයි මට නම් හිතුනේ. ඒත් මට හොයා ගන්න බැරි වුනා මොකක්ද ඒ කියලා. ජංජාලෙ සැරි සරසර ඉන්නකොට රුසියන් අකුරු තියෙන සයිට් එකක් ඔටෝ ඕපන් වුනා කියලා මතකයි. ඒත් මම ඒක මිනිමයිස් කරලා මූනු පොතේ මූන ඔබාගෙන සෑහෙන වෙලාවක් හිටියා. ඒ අතරරෙ තමා ඔය යකා එකපාරම කඩාගෙන පැන්නෙ. ඔන්න ඕකයි මට වුනු මල කෙලිය.
තව කාට හරිත් මේ වගේ මල කෙලි වෙලා තියෙනවද? ඇත්තටම ඒ සිද්ද වුනේ මොකක්ද? මට නම් වුනේ මොකද කියලා හරි තේරුමක් නෑ...
Thursday, March 17, 2011
Subscribe to:
Post Comments (Atom)
Thursday, March 17, 2011
මල හත් ඉලව්වයි. ඔබත් සයිබර් අපරාධ කරුවෙක්ද?

3 comments:
- චතුවා said...
-
මට නම් ඔය තරම් දරුණු තත්වයකට මූණපාන්න වෙලා නෑ තාම.. ඒ වුනාට කීයක් හරි ගලවගන්න ඔය වගේ වද දෙනවා ඕනේ තරම් මේ ජංජාලෙදී.. කලබල වෙලා තමා වැඩ නාගන්නේ...
මේ ලිපිය කවදා හරි වැදගත්වේවි කාට හරි.. මේ වගේ දෙයක් වුනාම ටිකක් හරි ෂේප් වෙන්න.. -
March 17, 2011 at 4:00 AM
-
Anonymous said...
-
මට ඔහොම අව්ලක් ආවා, මහසෝන කියල programme එකකින්. ලන්කාවේ මහත්මයෙක්ගෙ අසික්කිත වැඩක්. දවස් දෙකක් සම්පූර්ණයෙන්ම කාලා දැම්ම. මේව හදන උන්ට වෙන වැඩක් නැතුව ඇති...... @&^!&*^^#&@()
-
March 17, 2011 at 12:08 PM
-
Anonymous said...
-
ෆයර්වෝලයක් දමාගන්න.ප්‍රශ්න අහවරයි
-
March 17, 2011 at 1:13 PM
Subscribe to:
Post Comments (Atom)
3 comments:
මට නම් ඔය තරම් දරුණු තත්වයකට මූණපාන්න වෙලා නෑ තාම.. ඒ වුනාට කීයක් හරි ගලවගන්න ඔය වගේ වද දෙනවා ඕනේ තරම් මේ ජංජාලෙදී.. කලබල වෙලා තමා වැඩ නාගන්නේ...
මේ ලිපිය කවදා හරි වැදගත්වේවි කාට හරි.. මේ වගේ දෙයක් වුනාම ටිකක් හරි ෂේප් වෙන්න..

Post a Comment