Sunday, February 20, 2011

දොස්තර හොදහිත

ආයුබෝවන්!
මම ඉතින් මේ field එකට අළුත්. නිකම් අත්හදා බැලීමක් විදිහට තමයි  blog එකක් ලියන්න හිතුවෙ. පටන් ගත්තෙ හරි අමාරුවෙන්. මොකද මගෙ පරිඝනක පිළිබද දැනුමත් හරිම ප්‍රාථමිකයි. කොහොම හරි ඔන්න වැඩේ පටන් ගත්තනෙ. ඒත් ඉතින් මේක කියවන්න කවුරුත් නැති වෙයිද දන්නෙ නෑ. ඒකට කමක් නෑ. ඔන්න මම ලියනවා.
මුලින්ම, මම පශු වෛද්‍ය ශිෂ්‍යයෙක්. කොටින්ම කියනවනම් “වෙන්නද දොස්තර“ සාමාන්‍ය භාෂාවෙන් නම් වෙන්නද බලු දොස්තර. නැත්නම් වෙන්නද ගව දොස්තර. ඔයාල නිකන් නෝන්ඩියට කීවට, මම එහෙම කියන්නෙ ටිකක් ආඩම්බරෙන්. (ඇයි කියලා පස්සෙ කියන්නම්.)
මම මේකට දොස්තර හොදහිත කියලා නම දම්මෙ ඇයි කියලා කියන්න ඕනනෙ. මට මුලින්ම වීරයෙක් විදිහට පෙනුනු පශු වෛද්‍යවරයා තමයි දොස්තර හොදහිත. මතකයිනෙ ඒ කාටූන් එක. හැබැයි ඒ දවස්වල පොර වීරයෙක් විතරයි. මේ ලගදි දවසක මාරි තමයි කියලා දුන්නෙ පොර පශු වෛද්‍ය වරයෙක් නොහොත් vetක් කියලා. (මාරි කියන්නෙ අපෙ බැචියක්). ඉතින් මම හිතුවා ඒ නම මේකට දාන්න.
පශු වෛද්‍යවරයා කියන වචනෙ වෙනුවට අපි මීට පස්සෙ vet කියලා කියමු. අරක දිග වැඩී.
මම මොනවද ලියන්න යන්නෙ? විෂේශයක් නෑ. හිතෙන දේවල් ලියනවා. කැමති නම් කියවන්න. දන්නවනෙ ඉතින්... අපෙ භාෂාවත් ටිකක් වෙනස්. ඒ ගැනත් පස්සෙ කථා කරමු. අනික ඉතින් මගෙ භාෂා ශෛලය, ව්‍යාකරන සෑහෙන්න චාටර්. ඒ ගැන නම් සොරි තමා.

4 comments:

වැප් said...

මොන පරිගණක දැනමුක්වත් ඔනේ නැහැ බන් බ්ලොග් ලියන්න :D

Shaminda Ekanayaka said...

කොහොම හරි ලියන්නකෝ....අපි එන්නම් බලන්න....

සත්සමුදුර said...

සහෝදරයා ඔබව බ්ලොග් සදහා සාදරයෙන් පිළිගන්නවා. මමත් අවුරුද්දක් විතර මොනව ලියන්නද කියල හිත හිත ඉදල තමයි ලියන්න පටන් ගත්තේ. දැන්නම් ලියා ගන්න වෙලාව නැතිකම තමයි ප්‍රශ්නේ. අවුලක් නැහැ දැනුම මදියි කියල බ්ලොග් ලියන්න. ඔයාට යමක් දැනගන්න ඕන නම් මගෙන් වුනත් අහන්න. මම දන්න දෙයක් නම් කියල දෙන්නම්. මම වැඩ කරන්නෙත් UPDN ම තමයි. දිගටම පුළුපුළුවන් වෙලාවට ලියන්න. ඔබට ජය!

දොස්තර හොදහිත said...

රිප්ලයි කරන්න පරක්කු වුනා. සමාවෙන්න. ඔබ සියල්ලන්ගේම දිරියට තුති. සිරාවටම බ්ලොග් කෙරුවාවට මොන පරිඝනක දැනුමක්ද?