Thursday, March 3, 2011
රිලවා සහ අපි - රිලා ගැටලුව....
පහුගිය අගහරුවාදා උදේ පාන්දර අපි පොඩි මෙහෙයුමක් දියත් කරලා අපේ පැකල්ටියේදි. අපේ ඉලක්කය වදුරෙක් අල්ලන්න. පැකල්ටිය අවට නිතරම කරක් ගහන රිලා රංචුවේ නායකයා තමා මේ රිලවා. මේ රිලවා ඉන්නවා දැකපු ගමන් අපේ සර්ට ඕන වුනා අල්ල ගන්න. ඉතින අපි ඉක්මනට නිර්වින්දන බෙහෙත් පුරවපු තුවක්කුවක් ලෑස්ති කරගෙන සෙට් වුනා මේ රිලා රජාව අල්ලන්න. ඒත් එක මොහොතින් පොර අතුරුදහන් වෙලා. ඉතින් අපි මෙහෙයුම තාවකාලිකව පස්සට දැම්මා. හැබැයි මට හිතුනා මේ රිලා කතන්දරය බ්ලොග් එකට දාන්න.
ලංකාවෙ අපි අලි-මිනිස් ගැටුම පිළිබද ඇතිවෙනකල් අහලා තියෙනවානෙ. ඒ විතරක් නෙමෙයි වගකිය යුත්තන්ට පලු යනකල් බැනලත් තියෙනවා. ඒත් අලි මිනිස් ගැටුම කියන්නෙ සංකීර්ණ පරිසර ප්‍රශ්නෙක එක පැති කඩක් විතරයි. පරිනාම ක්‍රියාවලියේදි මිනිස් සත්වයාට ලැබුනු දේවල් නිසා මිනිහා මුලු ලෝකෙම තමන්ගෙ කියලා හිතලා වැඩ කරන්න ගත්තනෙ. ඒකෙ ප්‍රථිපලයක් විදිහට ඉතින් සත්තුන්ට තියෙන ඉඩ නැතිවෙලා ගියානෙ. ඉතින් දැන් මිනිස්සු වැටක් ගහගෙන කියනවා මේක මගේ ඉඩම. තොපි එකෙක්වත් එන්න එපා කියලා. ඒත් ඉතින් අපිට ඕක තේරුනාට සත්තුට ඕක තේරෙනවයැ. තේරුනත් උන්ට ඒක අදාලත් නෑනෙ. උන් දන්නෙ බඩගින්න. උන්ට බඩගිනි වුනාම කැලේ කන්න දෙයක් නැත්නම් තියෙන කොහෙට හරි උන් යනවා. දැන් තියෙන මේ පොඩි කැලෑ කෑලි වලට පුලුවන්ද උන්ගෙ බඩගින්න නිවන්න. උන් ඉතින් කෑමයි අනෙක් ඕනෑ එපාකමුයි හොයාගෙන මිනිස්සු ඉන්න තැන් වලට එනවා. එතනදි තමයි ඉතින් කේස් එක එන්නෙ. මිනිස්සු කියනවා එන්න එපා කියලා. ඒත් උන්ට ඒක අදාල නෑ. උන්ට අදාල බඩගින්න. උන් දන්න විදිහට ශක්තිය තියෙනවා නම් තමා පැවැත්ම තියෙන්නෙ කියලා. ඉතින් උන් මිනිස්සුන්ගෙ බලයට අභියෝග කරලා උන්ට කැමති තැනට යනවා. දැන් ඉතින් මිනිස්සු තමන්ගෙ බලේ පෙන්නවා. සත්තු උන්ගෙ බලේ පෙන්නනවා. ඔන්න ඕකට තමා කියන්නෙ human-animal conflict නැත්නම් මිනිස්-සත්ව ගැටුම කියලා. ඉතින් මම කලින් කීවා වගේ මේක මේකෙ ලංකාවෙ අපි හොදටම මුහුන දෙන එක තමා අලි- මිනිස් ගැටුම.
ඒත් මෑත කාලෙදි අලි වගේම තවත් සත්තු ජාතියක් මේ ගැටුමෙදි කැපිලා පෙනෙන් පටන් අරන් තියෙනවා. ඒ තමයි අපි නිතර දෙවේලෙ දකින රිලව්. පාරෙ තොටේදි නිතර නිතර හැමෝම දකිනවා ඇතිනෙ රිලවුන්ගේ හැසිරීම. සමහර විට රිලවුන්ගේ හැසිරීම නිසා හොදටම බය වෙලත් ඇති. අතේ තිබුනු බිස්කට් පැකට් එක රිලවු උදුරගෙන දුවලා ඇති (ඒ අත්දැකීම වැඩිපුරම ඇත්තෙ කෙල්ලන්ට). මේ ආකාරයෙ නොයෙක් කරදර වලට මූන දීලා ඇතිනෙ රිලව් නිසා.
ලංකාවෙ වදුරො වර්ග 3ක් ඉන්නවා කියලා තමා මට මතක විදිහට අපට උගන්වල තියෙන්නෙ. මට හරියටම මතක නෑ. ඒත්, විකිපීඩියා එකෙත් එහෙම තියෙන නිසා මම හිතන්නෙ ඒක හරි. (මේ ජංජාලෙ තියෙන හැම දේම හරි නෑ කියලා තමයි මම අහලා තියෙන්නෙ.) මේ වර්ග 3 තමා Gray langur (ඇලි වදුරා), Purple Face Leaf Monkey, Toque Monkey(රිලවා). මෙයාලා අතරෙන් වැඩිපුරම දකින්න ලැබෙන්නෙ රිලවානෙ. රිලවාගෙ උප විශේෂ 3ක් ඉන්නවා කියල තමා කියන්නෙ. වැඩි විස්තර මෙතනින් බලා ගන්නකො.
ඇත්තටම වෙලාවකට පුදුමත් හිතෙනවා මේ රිලවුන්ගෙ හැසිරීම් නිසා. මගේ අත්දැකීම් වල හැටියට නම් රිලව් ගෑනුන්ට හරි අඩුවෙන් තමා බය. ඒත් ඒක තැනින් තැනට වෙනස්. විශ්වවිද්‍යාලයේ අවට ගැවසෙන රිලව් නම් කෙල්ලන්ට කිසි බයක් නෑ. කොල්ලන්ට බයත් නෑ. හැබැයි සාපේක්ෂව කොල්ලන්ට බයයි. කෙල්ලො ඉන්න තැන් වලට කිසි බයක් නැතිව යනවා. අපේ බැචීලා කියන විදිහට එයාලගෙ හොස්ටල් වල කාමර වලට පැනලා තියෙන කිරිපිටි, සීනි, බිස්කට් ඔක්කොම විනාස කරනවලු.( එක අතකට හොද වැඩේ. උන් ගොඩක් වෙලාවට තනි තනිවනෙ ඕව පරිභෝජනය කරන්නෙ.) ඒත් පහුගිය අවුරුදු 4ක විශ්වවිද්‍යාල ජීවිතේ කවදාවත් මම නම් දැකලා නෑ අපේ හොස්ටල් එකක කාමරේකට රිලව් පනිනවා. විශ්වවිද්‍යාලෙ නම් රිලවෙක් කෙල්ලෙක් ලගට ආව ගමන් කෙල්ල කෑ ගහගෙන දුවනවා. ඒත් අපේ ගෙදරදි නම් අපෙ අම්ම දැක්ක ගමන් රිලවා දුවනවා. මොකද උන් දන්නවනෙ අම්ම උන්ට බය නෑ, අතේ තියෙන ඕන එකකින් කෙලලා දානවා කියලා.
මාතෘතාවෙන් පිට පැන්නනෙ. කොහොම හරි මේ රිලව් ලංකාවෙ ගොඩක් පලාත් වල මිනිසුන්ට දැන් හරිම හිසරදයක් වෙලා. රංචු වශයෙන් ජීවත්වෙන රිලව් ගොවින්ගෙ වගා වලට පනලා වගා පාලු කරනවා. සමහර පැති වල මිනිසුන්ට කිසිම විදිහෙ පැලයක් වත්තකවත් හදා ගන්න බෑ මේ රිලා රංචු නිසා. ඒ විතරක් නෙමෙයි, මිනිසුන්ගෙ දේපල වලටත් සෑහෙන්න හානි කරනවා. සමහර වෙලාවට මිනිස්සු දවල්ට කන්න උයාගත්ත බත් මුට්ටිය උස්සගෙන යනවා, බොහොම අමාරුවෙන් ගෙදරට ගෙනාපු කිරි පිටි එක උස්සගෙන යනවා. ඒ විතරක් නෙමෙයි, මේ රිලා ප්‍රශ්නය ගම් වලට විතරක් නෙමෙයි. සෑහෙන්න ජනාකීර්ණ නගර වලත් මේ අවුල සැහෙන්න තියෙනවනෙ. ඉතින් මේ සත්තුන්ගෙ කරදරවලට ලක්වෙන පලාත්වල මිනිස්සු නම් ඉන්නෙ හරිම කේන්තියෙන්. මම ජීවත්වෙන්නෙත් මේ රිලා කරදරය දැඩිව දැනෙන පළාතක නිසා මේ තැන සෑහෙන්න මම අත්දැකලා තියෙනවා. දොටින්ම කියනව නම් අපේ වත්තෙ මෙලෝ දෙයක් හදන්න බෑ. රිලව් ඇවිත් එක දවසින් ඔක්කොම විනාශ කරලා යනවා. අපේ ගේ ලග තිබුනු උස ගස් කීපයකුත් තාත්තා කපලා දැම්මා මොකද, රිලව් මේ ගස් වලට නැගලා වහලෙට පනිනවා. උන්ගෙ පැනිලි නිසා අපෙ වහලෙ සෑහෙන්න කැඩිලා ගියා.
කොහොම වෙතත්, මේ ප්‍රශ්නෙ දැන් ලංකවෙ සෑහෙන්න මිනිස්සු ප්‍රමානෙකට බලපාන ප්‍රශ්නයක් වෙලා. සමහර පළාත් වල මේ ප්‍රශ්නෙ සමාජ ප්‍රශ්නයක් බවටත් පත්වෙලා. ඉතින්, ඉක්මනටම මේ ප්‍රශ්නෙට පිලියමක් හොයන්න සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම මෙතනදි වගකිය යුතු අය ඉක්මනින් හිතන්න ඕන මොකද කරන්නෙ කියලා. නැත්නම් මිනිස්සු තමන්ගේම වුනු විසදුම් හොයාගන්නවා. ඒක මම හොදටම අත් දැකලා තියෙනවා. ඒ අත්දැකීම් ටිකත් ලියන්න ඕන. ඒත්, දැන් නම් වෙලාවක් නෑ. මම හිතුවෙ නෑ මේක මෙච්චර දිග වෙයි කියලා. දැන් නම් නිදා ගන්න ඕන. මොකද හෙට පාන්දරම යන්න ඕන පීල්ඩ් විසිට් එකකට. ඉක්මනටම (ගොඩක් විට හෙට) ලියනවා මේකෙ ඉතුරු ටික. රිලා ගැටලුවට මිනිස්සු කොහොමද ප්‍රතිචාර දක්වන්නෙ (රිලව් 25-30 එක දවසෙම පරලොව සැපත්වුනු හැටි), මොනවද අපිට කරන්න පුලුවන් ( මේ ප්‍රශ්නෙට මම දකින පිළිතුර) කියලා ලියන්නම්. එතෙක් ඉවසන්න....
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment