Sunday, March 27, 2011

වල් ජීවිතේ අත්දැකීම්.- හම්බාවා

පහුගිය කාලෙ හරිම කාර්‍යබහුල විදිහට ගෙවුනෙ. පෝස්ට් එකක් දාන්න තියා හිතන්නවත් වෙලාවක්  තිබුනෙ නෑ. වැඩ යන්නෙ කියන්නෙ හොදටම වැඩ. උදේ 7.30ට යනවා, රෑ 7.30ට එනවා. ඒ මදිවට ගිය සතියෙ අපේ සාහිත්‍ය උලෙලෙ නාට්‍ය සතිය (වල සතිය) තිබුනනෙ. ඉතින් වැඩ ඉවර වුනු ගමන් වලට දුවනවා නාට්‍ය බලන්න. කාමරේට එන්නෙ රෑ 11ට විතර. දවසම වැඩ කරන නිසා මහන්සියට ඉක්මනින් නින්ද යනවා. ආ.. මට අමතක වුනා. මගෙ දුක් ගැනවිලි කියවන්න නෙමෙයිනෙ කවුරුත් මේ බ්ලොග් එක බලන්නෙ නේද?

හරි හරි. ඔන්න අද මම කියන්න යන්නෙ පහුගිය සති 2 පුරාවට බෙහෙත් කරපු සත්තු ටිකක් ගැන. පහුගිය සතියෙ මම හිටියෙ පාමසි රොටේෂන් එකේ. (අපි වැඩ කරන්නෙ රොටේෂන් වලට. ඒක පොඩ්ඩක් තේරෙන්නෙ නෑ තමා. ඒත් ඒ වචනෙට හරියන සිංහල වචනයක් මම දන්නෙ නෑ) මේ රොටේෂන් කියන සංකල්පෙ එන්නෙ අවසන් අවුරුද්දෙදි. හරියට ගාමන්ට් වල ෂිප්ට් වලට වැඩ වගේ. අපේ බැච් එක කන්ඩායම් වලට බෙදලා මාරුවෙන් මාරුවට එක එක වැඩට දාන එකට තමා අපි කියන්නෙ රොටේෂන් කියලා. මේ රොටේෂන් සිද්දියට කොච්චර අපි ඇබ්බැහි වෙලාද කියනව නම් කන්න බොන්නත් රොටේෂන් එකක. ඉතින් මේපාමසි ඉන්න අයට තමා වල් ජීවිතේ (වයිල්ඩ් ලයිප්) එහෙම නැත්නම් වන ජීවී කොටස බාරවෙන්නෙ.

අපේ පශු වෛද්‍ය ශික්ෂණ රෝහලේ පිටිපස්සහ වෙනම කොටසක් තියෙනවා මේ වනජීවි ප්‍රතිකාර වලට. සෑහෙන සත්තු ගානකුත් ඉන්නවා නේවාසික  ප්‍රතිකාර ගන්න. ඉතින් ඒ සත්තුන්ට කන්න දෙන එක, බේත් කරන එක තමා අපේ වගකීම. මම නම් කැමතිම දෙයක් තමා මේ වන ජීවි අංශය. ඒත් ඉතින් හරි අමාරු රස්සාවක්. ඒ වගේම හරි අවධානම්.
ඔන්න මම අද දාන්නෙ පහුගිය දවස් වල අපි බේත් නරපු සත්තු ටිකකගේ පින්තූර සමග විස්තර.

මහ හම්බාවා- මේ ගෙනාපු මුල් දවස් වල
ලංකාවෙ හම්බාවො වර්ග 2ක් ඉන්නවලු.

මහ හම්බාවා
Giant flying squirrel
Petaurista philippensis
(එලියට්, 1839)

හීන් හම්බාවා
Small flying squirrel
Petaurista fuscocapillus
(ජර්ඩන්, 1847)

මෙයා මහ හම්බාවා.  මෙයා ගෙනාවෙ පොඩි මල්ලිලා දෙන්නෙක්. මෙයා වැඩ පෙන්නන්න ගිහින් අමාරුවෙ වැටිලා. හැමෝම දන්නවනෙ මෙයා ක්‍රියාකාරී රෑට කියලා. උස ගස් වලට නැගලා පහලට පාවෙලා එනවා. ඉතින් එහෙම පැනපු පිම්මක් වැරදිලා කටු කම්බියක තමා නැවතිලා තියෙන්නෙ. කොහොම හරි වට පිටාවෙ කට්ටිය එකතු වෙලා මෙයාව මස් කරන්න තමා ලෑස්ති වෙලා තියෙන්නෙ.  එත් මේ මල්ලිලා දෙන්නා එකතුවෙලා හොරෙන්ම අරන් ඇවිත් අපට බාර දුන්නා. ලොකු ආබාධයක් වෙලා නම් නෑ. කකුල් දෙක අතර තියෙන හම පටලෙට පොඩ්ඩක් තුවාල වෙලා. මුල් දවසෙ නම් හරියට දුර්වල වෙලා හිටියෙ. අපේ අතට වෙලා හොදට බෙහෙත් බීවා, වතුර බීවා. දෙවනි දවසෙ පේ අනිල් අයියා (මෙයා තමා වන ජීවි එක්ස්පර්ට්) කියපු කථාවට තමා අපට තරු පෙනුනෙ. සාමාන්‍යෙයන් මෙයා මිනිස්සුන්ට පහර දෙනවලු. මෙයා‍ගෙ අත්පාරකින් මූනක් ඉරලා දාන්න පුලුවන්ලු. අපි බය නැතිව කලින් දවසෙ අතට අරන් බේත් පෙව්වනෙ. අනිල් අයියා කියපු කථාව ඇත්ත කියලා තේරුනේ ටිකක් හොද වුනාම. ඇගට ටිකක් පන ආවට පස්සෙ මෙයා කූඩුව ලගට ගිහින් බලන කොට කන්න පනිනවා..
දැන් නම් මෙයාට ගොඩක් හොදයි. දැන් මෙයාව කොහාට අතාරිනවද කියලා නම් මට අදහසක් නෑ.

මෙන්න මෙයාගෙ විස්තර.

Indian Giant Flying Squirrel( called "Hambawa" in sinhala )
Conservation status
Scientific classification
Kingdom: Animalia
Phylum: Chordata
Class: Mammalia
Order: Rodentia
Family: Sciuridae
Genus: Petaurista
Species: P. philippensis
Binomial name
Petaurista philippensis
(Elliot, 1839)
 මෙයා ගැන වැඩි විස්තර සදහා මෙතනින් බලන්න. විකිපීඩියා. 
 රතු පොත
මෙන්න මෙයාග තව පින්තූර ටිකක්.

පෝස්ට් එක දිග වැඩි වුනා. ඒ නිසා අනිත් සත්තු ටික වෙන වෙනම දාන්නම්.
අද හෝ හෙට ඊලග පෝස්ට් එක දාන්නම්. ඒ දිවි‍යෙක් ගැන.

Thursday, March 17, 2011

මල හත් ඉලව්වයි. ඔබත් සයිබර් අපරාධ කරුවෙක්ද?

එක පාරටම මල කෙලියක්නෙ මට වුනේ. අද රාත්‍රි යාමේ මම මේ ජංජාලෙ සැරි සරමින් ඉන්නකොට එක සැරේටම මගේ ලැප්ටොප් පොඩ්ඩෙන් යකෙක් වගේ එකෙක් මතු වුනා. මට හිතා ගන්න බැරි වුනා මොකද වුනේ කියලා. යකෙක් කීවට යකෙක්මත් නෙමෙයි. ඒත් යකෙක් දැක්කට වඩා මම බය වුනා. ඒක මුළු තිරයම පුරා වැහුනු මැසේජ් එකක්.
මම ඉතින් උඩ ඉදල පහලට කියවගෙන ගියා. ඒකෙ අන්තර්ගතය වුනේ මෙන්න මෙහෙම දෙයක්

පසුගිය කාලය තුල අන්තර්ජාලයේ අපරාධයන් කිහිපයක් සිදු කර තිබේ. අපගේ පරිගනක වැඩසටහන නිපදවා ඇත්තේ එවැනි සයිබර් අපරාධයන් වැලක්වීම සදහායි. ඔබ පරිඝනකයෙන් පසුගිය පැය කිහිපය තුල අනවසර වෙබ් අඩවි කිහිපයකට ඇතුළු වීම, මෘදුකාංග අනවසරයෙන් පිටපත් කිරීම, චිත්‍රපට අනවසරයෙන් පිටපත් කිරීම ආදී සයිබර් අපරාධයන්ට අදාල ගොනු 19ක් මෙම මෘදුකාංගය මගින් සොයා ගන්නා ලදි. එවැනි ක්‍රියා ඔබගේ රට තුලදී දැඩි දඩුවම් ලැබිය හැකි වරදවල් වේ. එබැවින් තව පැය 4ක් ඇතුලත ඔබගේ සියළු තෙරතුරු ඔබගේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලැබීමට සලස්වනු ලැබේ. ඔබේ පරිඝනකයේ ඇතුලත් දත්ත අධිකරන ක්‍රියාවලිය සදහා සාක්ෂි වන බැවින් ඔබගේ පරිඝනකයේ දෘඩ තැටියට ඇතුල් වීමට හෝ වෙනත් කිසිම කිසිම ක්‍රියාකාරමක් කිරීමට ඔබට නොලැබෙනු ඇත.

කාලා වරෙන්කො ඉතින්. මම හොදටම බය වුනා. ඇයි මල හත් ඉලව්වෙ, ලංකාවෙ ඉන්න අපි පාවිච්චි කරන්නෙම අනවසර මෘදුකාංගනෙ. ඒ විතරක්ද, චිත්‍රපටි, සිංදු හැම මගුලක්ම හොර කොපි තමානෙ. ඉතින් බය නොවී කොහොමද? ඒ මදිවට පහුගිය කාලෙ පොලීසියත් ඔය හොර කොපි හොයන මෙහෙයුමක් කලා කියලත් අහල තිබුනනෙ. ඒ මදිවට කීවත් වගේ මගේ කම්පියුටරේ සිරාවටම ලොක් වෙලා. මුකුත් තරන්න බෑ.
ඔන්න මම අර පනිවිඩේ ඉතුරු ටිකත් උඩින් පල්ලෙන් කියෙව්වා. ඒත් වැඩිය ඒක තේරුනේ නෑ. මොකද මම බය වෙලානෙ හිටියෙ.

මම ඉතින් දන්න දන්න සෙල්ලම් ටික දාලා බැළුවා මේ කරදරෙන් ගැලවෙන්න. ඉස්සල්ලම කලේ හැමදාම කරන කෝකටත් තෛලෙ පාවිච්චි කරපු එක. ඇත්තටම ඉතින් ඒක විතරයි දන්න එකම සෙල්ලමත්. එබුවා කන්ට්‍රෝල්+ඕල්ටර්+ඩිලීට්. ඕකනෙ ඉතින් අපි හිරවුනු ගමන් දාන සෙල්ලම. ම්හ්.... ඒකටත් හරියන්නෙ නෑ. ටාස්ක් මැනේජර් දෙන්නෙ නෑ.

මම ඉතින් මගේ ගන දෙවි මොලේ පාවිච්චි කරලා පවර් බොත්තම ඔබාගෙන හිටියා ඕප් වෙනකල්. ඒ වැඩේ නම් හරි. ආයෙත් පනගන්නලා බැළුවා. මලා... රහස් වචනෙ ගහපු ගමන් අර කලින් ස්ක්‍රින් එකම ආයෙත් ආවා. දැන් ඉතින් මොනවා කරන්නද? පනිවිඩේ ආය මුල ඉදලා කියෙව්වා.
දැන් තමා ඉතුරු කොටස තේරෙන්නෙ.

මෙහෙමයි තිබුනෙ.,
ඔබට මෙයින් ගැලවීම සදහා කල හැක්කේ පහත සදහන් දුරකථන අංකයට ඇමතුමක් ලබා ගැනීමයි. එවිට ඔබට ලැබෙන රහස් අංකය පහත හිස් කොටුවේ සදහන් කල පසු ඔබට නැවත කිසි දින මෙම මෘදුකාංගයෙන් බාධා ඇති නොවනු ඇත. ඇමතුමක් සදහා 0.7$ වැයවනු ඇත.

දැන් නම් ටිකක් බය ඇරුනා. මේ නම් වෙන්නෙ වෙන දෙයක් කියලා මට තේරුනා. ඒත් ඉතින් තාම මේ මගුල හිරවෙලානෙ. මම බැළුවා මට තිබුන එකම සරණ දිහා. පෝන් එක. ඒත් ඉතින් ඒකෙ තියෙන්නෙ සත ගානක් විතරයි. දැන් ඉතින් මොකද කරන්නෙ. කෝකටත් කියලා ආයෙත් පාරක් පවර් බොත්තම ඔබලා වහලා ආයෙත් පන ගැන්නුවා. මේ පාර මට සිරාවටම ගන දෙවි නුවන පහල වුනා. මේ සැරේ මම ගියේ safty mode එකට. වැඩේ හරි. දැන් අර අවුල නෑ. ඒත් ආයෙත් සාමාන්‍ය විදිහට ඇතුලු වුනාම හිරවෙනවා. ටිකක් කල්පනා කරලා ආයෙත් safty mode ගියා. දුන්නා සිස්ටම් රී- ස්ටෝ එකක්. හොද වෙලාවට දවස් දෙකක් පිටි පස්සට විතරයි ගියෙ. වැඩේ හරි ගියා. දැන්නම් ඉතින් නිවන් ගියා වගේ දැනුනා. ඇයි දෙයියනේ, මේකට මොනවා හරි වුනා නම් ඉදලා ඉවරයිනෙ. අම්මපා. ඇත්තටම මගේ පෝන් එකේ රු.100ක් වත් තිබුන නම් මම ඒ අංකෙට කරනවා. හොද වෙලාවට සල්ලි තිබුනෙ නැත්තෙ.

මේ අතරතැබ්බිය වෙන්න මුල් වෙන්න ඇත්තෙ මොකක් හරි වෙබ් සයිට් එකක් වෙන්න ඇති කියලයි මට නම් හිතුනේ. ඒත් මට හොයා ගන්න බැරි වුනා මොකක්ද ඒ කියලා. ජංජාලෙ සැරි සරසර ඉන්නකොට රුසියන් අකුරු තියෙන සයිට් එකක් ඔටෝ ඕපන් වුනා කියලා මතකයි. ඒත් මම ඒක මිනිමයිස් කරලා මූනු පොතේ මූන ඔබාගෙන සෑහෙන වෙලාවක් හිටියා. ඒ අතරරෙ තමා ඔය යකා එකපාරම කඩාගෙන පැන්නෙ. ඔන්න ඕකයි මට වුනු මල කෙලිය.

තව කාට හරිත් මේ වගේ මල කෙලි වෙලා තියෙනවද? ඇත්තටම ඒ සිද්ද වුනේ මොකක්ද? මට නම් වුනේ මොකද කියලා හරි තේරුමක් නෑ...

Saturday, March 12, 2011

කසුන් කල්හාරට පේරාදෙනියේදි වුනු දේ...................

පහුගිය දවස් ටික සෑහෙන්න කාර්යය බහුල කාලයක්. පෝස්ට් එකක් දාන්න තියා හිතන්නවත් කාලයක් තිබුනෙ නෑ. පශු වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙලා ඉන්න එක සෑහෙන්න අමාරු දෙයක්. උදේ 7.30 වෙද්දි පැකල්ටියට දුවන්න ඕන. 8 වෙද්දි සත්තුන්ට බෙහෙත් දීලා ලෙක්චර් වලට දුවන්න ඕන.මේ දවස් ටිකේ නම් හවස 5- 5.30 වෙන කොට වැඩ ඉවරයි. ඒත් ලබන සදුද ඉදලා නම් රෑ 7.30 වෙනකල් වැඩ. පහුගිය දවස් ටිකේ හවසට එක එක වැඩසටහන් තිබුනා. විශ්වවිද්‍යාල ජීවිතේ විදින්න ඕන නිසා ඒ එකක් වත් අතාරින්නෙ නැතුව බලන්න ගියා.

අගහරුවාදා සත්සර අනුරාව සංගීත වැඩසටහන තිබුනා. ඒක දන්ත වෛද්‍ය පීඨ ශිෂ්‍යත්ව අරමුදලට ආධාර විදිහට වාර්ෂිකව තියෙන සංගීත සංදර්ශනය. මේ පාර කසුන් කල්හාරයි, ජගත් වික්‍රමසිංහයි, නිරෝෂා විරාජිනියි ආවෙ. සෑහෙන කාලෙකට පස්සෙ විශ්වවිද්‍යාලෙ තිබුනු වැඩසටහන නිසාත් විශේෂයෙන්ම කසුන් නිසාත් සෑහෙන්න සෙනගක් ඇවිත් හිටියා. අන්තිමට ශාලාවෙ ඉඩ නැති වුනා.

ඉතින් මම කියන්න යන්නෙ කසුන්ට වුනු සිද්ධියනෙ. ඔන්න ඉස්සල්ලාම ජගත් වික්‍රමසිංහ සිංදු 4ක් කියලා ගියා. ඊලගට කසුන්. එදා වේදිකාවෙ නිවේදන කටයුතු කලේ වසන්ත රෝහන මහත්තයා. එයා ඇවිත් කීවා කසුන් නම් පොඩ්ඩක් අසනීපෙන්,  ඒත් ලොකු අවුලක් නෑ  කියලා. ඊට පස්සෙ කසුන් වේදිකාව ඇවිත් කීවා එයා සෑහෙන අසනීපෙන් ඉන්නෙ. අවුලක් වුනොත් සමා වෙන්න කියලා. ඒක කියන කොටම අපි දැන ගත්තා කසුන් ඉන්නෙ සැහෙන අමාරුවෙන් කියලා. ඒක දැනුනම සම්පූර්න ප්‍රේක්ෂකාගාරය සෑහෙන අවුලට පත් වුනා. කසුන් සිංදුව පටන් ගත්තා. ඒත් හරියට සද්දෙ පිට වෙන්නෙ නෑ. කසුන් වෙනුවෙන් හැමෝම කනගාටු වුනා. ඔන්න ඕකයි සිද්දිය. කසුන් සිංදු කියලා ඉවර වුනු ගමන් සෑහෙන පිරිසක් නැගිටලත් ගියා.

මම අහල තියන විදිහට කසුන් කල්හාර පේරාදෙනියට ඉස්සල්ලාම ඇවිත් තියෙන්නෙ සාහිත්‍ය උළෙලේ වසන්තයේ අග ප්‍රසංගයට. ඒ දවස්වල කසුන් ලංකාවට අළුත්. ඉන්ද්‍රචාපත් ආවළු. කොහොම හරි එදා කසුන් කල්හාරටයි, ඉන්ද්‍රචාපටයි එක සින්දුවක්වත් කියන්න ශිෂ්‍ය‍යො ඉඩ දුන්නෙ නැතිළු. හූ කීවළු. ඒත් අද තත්වෙ සෑහෙන්න වෙනස් වෙලා. කසුන් කල්හාර එනවා කීවොත් අතුරු සිදුරු නැතිව ශාලිව පිරෙන තත්වෙට පත්වෙලා. ඒ තරමටම කසුන් කල්හාරව විශ්වවිද්‍යාලයෙදි පිළිගැනීමක් තියෙනවා. එක අතකින් පුදුමත් හිතෙනවා. සමහර විට ඒ දවස් වල ශිෂ්‍යයො හූ කියන්න ඇත්තෙ කසුන් කල්හාරයි, ඉන්ද්‍රචාපයි ඒ කාලයේ මතු වුනු අනිත් ගායකයො වගේමයි කියන මානසිකත්වෙ ඉදලා වන්න ඇති.  මම නම් ඉතින් ඔය සංගීතය ගැනත් දන්න මගුලක් නෑ. ඒත්, ඕන මගුලක් ගැන මතයකට එලබෙන්න කලින් ඒක දැකලා හරි අහලා හරි ඉන්න ඕන කියලයි මම හිතන්නෙ. අපිට බෑනෙ කසුන් හොදද නරකද කියලා කියන්න කසුන්ගෙ සිංදු අහන්නෙ නැතිව. සමා වෙන්න කසුන් හොදද නරකද කියලා නෙමෙයි. කසුන්ගෙ සිංදු හොදද නරකද කියලා කියන්න.

මම නම් ගායකයො වත්, අනෙත් කලා කාරයෝවත් ඔළුවෙ තියාගෙන ඉන්නෙ නෑ, එයාලගෙ නිර්මාණ මිසක්. ඒ ඇයි කියලා හෙට උදේ පෝස්ට් එකක ලියන්නම්.

 කොහොම හරි මම නම් කොහොම හරි අවසාන මොහොත දක්වා ප්‍රසංගය බැළුවා. කසුන්ගෙ සිංදු ටික නම් හරියට ඇහුනෙ නෑ කටහඩ අඩු නිසා. ඒ එක හේතුවක් විතරයි. අනික පේරාදෙනියෙ ප්‍රසංග තියන්නෙ ඒ සදහා හදපු ශාලාවක නෙමෙයිනෙ. ප්‍රසංග කියන්නෙ ක්‍රීඩා කරන්න හදපු ක්‍රීඩාගාරෙක. ඇත්තටම ඒක ක්‍රීඩා කරන්න හදපු එකකුත් නෙමෙයිළු. ඒක 2වන ලෝක යුද්ධ කාලෙ අහස් යානා නවත්තන්න හදපු එකක්ළු. ඒක කොහොමවත් සුදුසු නෑ සංගීත ප්‍රදර්ශනේකට. කොයි තරම් හොද සවුන්ඩ් සෙට් පාවිච්චි කලත් ඒකෙ සද්දෙ හරියට ඇහෙන් නෑ. අනුනාද වෙනවා. එක අතකින් පුදුමත් හිතෙනවා ඒ ශාලාවෙ ප්‍රසංගයක් බලන එක වැඩක් නෑ කියලා දැන දැනත් ශිෂ්‍ය‍යො ඇවිත් බලන එක ගැන. අනිත් අතින් ලැජ්ජත් හිතෙනවා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ප්‍රසංගයක් තියන්න ශාලාවක් නෑ කියලා කියන්න. දන්න කාලෙක ඉදලා එහෙම ශාලාවක් හදන්න කියලා ඉල්ලනවා. ඒත් ඉතින් වැඩක් නෑ.

Sunday, March 6, 2011

රිලවු මරමුද...............?

ගිය සතියෙ මේ ලිපියෙ මුල් කොටස ලීවනෙ. ඉතිරි කොටස ලියන්න මේ තරම් කල් ගත වුනාට සමා වෙන්ට ඕන. කලින් කොටස කියෙව්වෙ නැතිනම් මෙතනට කොටන්න.

ඉතින් දැන් මම කියන්න යන්නෙ මේ රිලා ගැටළුවට අපි මොකද කරන්න ඕන කියලයි. මම කීවනෙ වගකිය යුත්තන් මේ ප්‍රශ්නෙට පිළිතුරක් දුන්නෙ නැතිනම් මිනිස්සු තමන්ගෙම වුනු පිළිතුරක් හොයා ගන්න බව මම අත්දැකීමෙන්ම දන්නවා කියලා. මිනිසුන්ගෙ උත්තරේ තමා රිලව් ටික මරලා දාන එක. මම එක පාරක් ඒක හොදටම දැක්කා. මීට අවුරුදු දෙකකට විතර කලින් වෙච්ච සිද්ධියක්. අපේ ගම කියන්නෙ මේ රිලා ගැටළුව සෑහෙන්න තියෙන පළාතක්. කවුරුත් දැකලා ඇතිනෙ පොළොන්නරුව, අනුරාධපුර පැත්තෙ නටඹුන් බලන්න ගියාම ඉන්න රිලව් ගොඩ. අපේ ගම තියෙන්නෙ පොළොන්නරුව නටඹුන් වලට ගොඩක් ලග. ඉතින් දවසක් මම ගෙදර එනකොට වැට අයිනෙ රිලවෙක් නිදාගෙන ඉන්නවා. රිලව් කියන එක සාමාන්‍ය දර්ශනයක් නිසා මම වැඩිය ගනන් ගත්තෙ නෑ. ඒත් මේ රිලවා කෙදිරි ගානවා. එහාට මෙහා පෙරලෙනවා. ටිකක් අමුතුයි. මම ටිකක් බැළුවා මොකද කියලා. ඒත් මම එතන ඉන්න එකට රිලවා වැඩිය කැමත්තක් දැක්කුවෙ නෑ. සාමාන්‍යයෙන් තනියම ඉන්න රිලව් ටිකක් භයානක නිසා මම ඉක්මනට එතනින් අයින් වුනා. ටිකක් හවස් වෙලා ගියා ආ ඌ ඉන්නවද බලන්න. ඒත් ඌ එතන හිටියෙ නෑ. පහුවදා උදේ තමයි මට වෙලා තියෙන දේ තේරුනේ. අපේ ගෙවල් පලාතෙ තැන් තැන් වල රිලව් මැරිලා වැටිලා ඉන්නවා. මුළු රිලා රංචුවෙන් සෑහෙන පිරිසක් මැරිලා. 

කොහොමද රිලව් එක පාරම මැරුනෙ? එක ගෙදරක මිනිස්සු රිලා රංචුවට බත් එක්ක වහ දීලා. ඇයි එහෙම කලේ? මේ ගෙදර තියෙන්නෙ ගමෙත් කැලෑවෙත් සීමාවෙ. ඉතින් ගමට එන රිලව්ගෙන් වැඩිම කරදර වෙන්නෙ මේ ගෙදරට. ගෙදර මිනිස්සු කන්න උයාගන්න බත් එක පවා රිලව් උස්සගෙන යනවා. මේ බත් හොරකමට රිලව් ටික පුරුදු වෙලා හිටියා. ඉතින් මේ මිනිස්සුන්ට මේක තවත් ඉවසගෙන ඉන්න බැරි වුනා. මිනිස්සු කලේ බත් එකට කුරේට ඇට මිශ්‍ර කරලා තියලා තියපු එක. රිලව් රංචුව එදත් බත් මුට්ටිය ඉස්සුවා. පහුවදා උදේ වෙද්දී රිලවු සෑහෙන ගානක් මැරිලා වැටුනා. මට මතක විදිහට 30කට වඩා රිලව් මැරිලා හිටියා.
සමහරු නම් හිතනවා ඇති හොද වැඩේ කියලා. ඒත් ඒක එච්චර හොද වැඩක් කියලා මම නම් හිතන්නෙ නෑ. ඒ මිනිස්සුන්ගෙ පැත්තෙන් බැළුවෙත් නම් ඒක සාධාරනයි තමා. ඒත් මිනිස් සමාජයක් විදිහට එහෙම වෙන්න දෙන එක එච්චර හොද නෑනෙ. කොහොම හරි එදා මේ සිද්ධිය ආරංචි වෙලා නිලධාරියො ටිකක් ආවා බලන්න. අර මිනිස්සු කීවා කුඹුරට ගහන්න ගෙනත් තිබ්බ කුරේට ඇට පැකට් එකක් රිලා රංචුව උස්සගෙන ගිහින් කාලා කියලා. ඒ නිසා ප්‍රශ්නයක් වුනේ නෑ. 

ඉතින් ඔන්න ඔහොම තමා මිනිස්සු මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ. ඉතින් මේ ප්‍රශ්නෙට පිළිතුරු මොනවද? පහුගිය කාලෙ ප්‍රදේශ කීපයක නම් (මහියංගනේ පැත්තෙ) ඉන්න රිලා රංචු අල්ලා මහවැලි ගගේ තියෙන දූපතකට ගිහින් දැම්මා. (ඊට කලින් උන්ව වද සැත්කම් වලට ලක් කලා) ඒත් ඉතින් හැම වදුරැ රංචුවම අල්ලා ගිහින් දාන්නෙ කොහාටද? ලංකාවෙ අලි ප්‍රශ්නෙට කරන්නෙත් අලි අල්ලලා වෙන කැලෑවලට ගිහින් දාන එකනෙ. හැබැයි අලි නම් ගිහින් දාපු තැනටම වෙලා ඉන්නෙ නෑ. උන් සංක්‍රමනික සත්තු විශේෂයක්නෙ. ඒ නිසා ඒ ක්‍රියාවලිය අසාර්ථකයි (අලින්ගෙ). අලි ප්‍රශ්නෙ ගැන නම් හොදටම ලියලා තියෙනවා වන ජීවී පශු වෛද්‍ය විජිත පෙරේරා මහත්තයා. එයාගෙ වන අලි සමග දස වසරක් පොත පුලුවන්නම් කියවන්න. ඇත්තටම දුක හිතෙයි ඒ සද්දන්ත අලි ගැන.

කොහොම හරි දැන් මේ රිලව්න්ගෙ ප්‍රශනෙට මොකද කරන්නෙ. කරන්න දේවල් දෙකයි තියෙන්නෙ. උන්ගෙ ගහනය අඩු කරන්න ඕන. නැත්නම් කැලෑ වැඩි කරන්න ඕන. ඒත් ඉතින් ඔය දෙවෙනි එක කරනවා කියන්නෙ ප්‍රායෝගික දෙයක් නෙමෙයිනෙ. ඉතින් මම හිතන්නෙ ඒ නිසා රිලා ගහනය අඩු කරන්න ඕන කියන එකයි. ඒක කරන්නත් ක්‍රම දෙකක් තියෙනවා. එක්කෙ අර මිනිස්සු කලා වගේ රිලව් ටික මරලා දාන්න ඕන. නැත්නම් උන්ගෙ ප්‍රජනන ක්‍රියාවලිය අඩු කරන්න ඕන. රිලව් මරලා දාන්න නම් පුළුවන්. ඒත් ඉතින් අපි වගේ සිංහල බෞද්ධ රටක එහෙම කරන්න පුළුවන්ද? අනිත් අතට සත්ව අයිතින් ගැන, සත්ව සුභසාධනය ගැන සෑහෙන්න සැලකිලිමත් වෙන කාලයක් මේ. ඒ නිසා මම නම් හිතන්නෙ දෙවනි විකල්පය තමා හරියන්නෙ. ඒත් ඒක කරන්නෙ කොහොමද? 

හැමෝම දන්නවනෙ මේ වෙනකොට ලංකාවෙ ජලභීතිකාව තුරන් කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ සදහා සුනඛ ගහනය අඩ කරන්න වන්ද්‍ය කරන සැත්කම් කරනවා කියලා. ඒකෙදි කරන්නෙ ගෑනු, පිරිමි බල්ලන්ව සම්පූර්නයෙන් වදභාවයට පත් කරන එක. මේකෙදි බල්ලන්ගෙ නම් සම්පූර්න වෘෂණ අයින් කරනවා. බැල්ලියන්ගෙ නම් ගර්භාශයයි, ඩිම්භ කෝෂයි දෙකම අයින් කරනවා. එත් දැන් නම් පිරිමි සතුන්ගෙ වද සැත්කම් නතර කරලා තියෙන්නෙ. මම නම් හිතන්නෙ ඒක නතර කරපු එක මගින් ඒ වැඩ සටහනේ අරමුණට ලොකු පාඩ්වක් වුනා කියලා. ඒ ගැන අපි වෙනම කථා කරන්න ඕන. ඉතින් මේ සැත්කම් කලාට පස්සෙ මේ සත්තු තව දුරටත් ලිංගිකව සක්‍රීය නෑ. ඒ කියන්නෙ ඊට පස්සෙ මෙ සත්තු රැලේ යන්නෙ නෑ. ඒ නිසා සුනඛ ගහනය අඩු වෙනවා. 

ඒ වගේම වද සැත්කම් කිරීමේ වැඩ සටහනක් රිලා ගහනය අඩු කරන්න ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි මෙතනදි අපි සලකන්න ඕන කාරනා කිහිපයක් තියෙනවා. එකක්, රිලවුනගෙ නම් ගෑනු පිරිමි දෙගොල්ලොම වද සැත්කම් වලට ලක් කරන්න අවශ්‍ය නෑ. පිරිමි සත්තුන්ට විතරයි මේ සැත්කම් කරන්න ඕන. ඒත් හැම පිරිමි සතාටම සැත්කම් කරන්න ඕන වෙයි කියලා ම හිතන්නෙ නෑ. මොකද රිලවුන්ගෙ ප්‍රජනන චර්යාව ටිකක් වෙනස් නිසා. රිලා රංචුවක ඉන්න නායක රිලවා (ප්‍රමුඛ පිරිමියා/ Dominant Male/ Alpha Male) තමා ප්‍රජනන ක්‍රියාවලිය සදහා සර්ව බලධාරියා විදිහට ක්‍රියාත්මක වෙන්නෙ. රැලක සියළුම ගෑනු සත්තු අයිති මේ රිලවටයි. ඒ නිසා මේ නායක වදුරා තමයි වද කිරීමට ලක් කරන එක වැදගත් වෙන්නෙ. අනිත් පිරිමි සත්තු වද කරන එක අවශ්‍ය නෑ කියලයි මට නම් හිතෙන්නෙ. මොකද අපිට ඕන රිලවා වද වී ගිය සත්ව විශේෂයක් කරන්න නෙමේනෙ. අපට ඕන ගහනය අඩු කරන්න නෙ. 

හැබැයි අපි නායක රිලවටත් අර බල්ලන්ට කරන විදිහෙ සම්පූර්න වෘෂණ අයින් කරන සැත්කමක් (Castration) කරන්න බෑ. මොකද? එහෙම කලාම ඒ රිලවා තවදුරටත් ලිංගිකව සක්‍රිය නෑ. ගොඩක් පිරිමි ලක්ෂන අඩු වෙලා යනවා. එහෙම වෙච්ච ගමන්ම මේ රිලවව එලවලා දාලා රැලේ ගෑනු සතුන් අයිති කර ගන්න බලාගෙන ඉන්න වෙන ශක්තිමත් රිලවෙක් ක්‍රියාත්මක වෙයි. ශක්තිමත් භාවය මත තමා නායකත්වය රැදිලා තියෙන්නෙ. එහෙම වුනොත් ඒ රිලවා නායකත්යෙන් විතරක් නෙමෙයි රැලෙනුත් පන්නලා දානවා. එතකොට අපේ අරමුණ ඉටු වෙන්නෙ නෑ. ඒ නිසා මේ සදහා භාවිතා කරන්න වෙන්නෙ ලිංගික සක්‍රිය භාවය තවදුරටත් ඉතිරිවෙන, වෙනත් මොකක් හරි උපත් පාලන ක්‍රමයක්. ඒ සදහා අපිට වාසෙක්ටමි සැත්කම කරන්න පුළුවන් (vasectomy). ඒකෙදි කරන්නෙ ශුක්‍ර නාල දෙක කපලා සීල් කරන එකයි.  

මම මේ විස්තර කලේ මේ ගැටළුව සදහා විසදුමක් විදිහට මට පේන දේයි. කොහොම නමුත් මේ පිළිබදව ඉක්මනින්ම පියවරක් ගත යුතුයි කියන එකයි මගේ යෝජනාව. මේ ගැන තවදුරටත් පරික්ෂන කරන්න ඕන. දැනටමත් මේ ගැන එක් එක් විදිහෙ අත්හදා බැලීම් සිද්ධ වෙනවා. මම කලින් කීවනෙ අපිත් රිලවෙක් අල්ලන්න ලෑස්ති වුනා කියලා. ඒත් මේ ගැන හොයලා බලන්න තමා.
කොහොම නමුත් ඉක්මනින් මේ සදහා විසදුමක් සොයන එක රිලවුන්ටත් මිනිස්සුන්ටත් දෙගොල්ලන්ටම සෙතක් වේවි. 

අවසානයට අපි රිලවු මරමුද? නැත්නම් ගහනය පාලනය කරමුද? ඔබ කැමති කෝකටද?

Thursday, March 3, 2011

රිලවා සහ අපි - රිලා ගැටලුව....

පහුගිය අගහරුවාදා උදේ පාන්දර අපි පොඩි මෙහෙයුමක් දියත් කරලා අපේ පැකල්ටියේදි. අපේ ඉලක්කය වදුරෙක් අල්ලන්න. පැකල්ටිය අවට නිතරම කරක් ගහන රිලා රංචුවේ නායකයා තමා මේ රිලවා. මේ රිලවා ඉන්නවා දැකපු ගමන් අපේ සර්ට ඕන වුනා අල්ල ගන්න. ඉතින අපි ඉක්මනට නිර්වින්දන බෙහෙත් පුරවපු තුවක්කුවක් ලෑස්ති කරගෙන සෙට් වුනා මේ රිලා රජාව අල්ලන්න. ඒත් එක මොහොතින් පොර අතුරුදහන් වෙලා. ඉතින් අපි මෙහෙයුම තාවකාලිකව පස්සට දැම්මා. හැබැයි මට හිතුනා මේ රිලා කතන්දරය බ්ලොග් එකට දාන්න.

ලංකාවෙ අපි අලි-මිනිස් ගැටුම පිළිබද ඇතිවෙනකල්  අහලා තියෙනවානෙ. ඒ විතරක් නෙමෙයි වගකිය යුත්තන්ට පලු යනකල් බැනලත් තියෙනවා. ඒත් අලි මිනිස් ගැටුම කියන්නෙ සංකීර්ණ පරිසර ප්‍රශ්නෙක එක පැති කඩක් විතරයි. පරිනාම ක්‍රියාවලියේදි මිනිස් සත්වයාට ලැබුනු දේවල් නිසා මිනිහා මුලු ලෝකෙම තමන්ගෙ කියලා හිතලා වැඩ කරන්න ගත්තනෙ. ඒකෙ ප්‍රථිපලයක් විදිහට ඉතින් සත්තුන්ට තියෙන ඉඩ නැතිවෙලා ගියානෙ. ඉතින් දැන් මිනිස්සු වැටක් ගහගෙන කියනවා මේක මගේ ඉඩම. තොපි එකෙක්වත් එන්න එපා කියලා. ඒත් ඉතින් අපිට ඕක තේරුනාට සත්තුට ඕක තේරෙනවයැ. තේරුනත් උන්ට ඒක අදාලත් නෑනෙ. උන් දන්නෙ බඩගින්න. උන්ට බඩගිනි වුනාම කැලේ කන්න දෙයක් නැත්නම් තියෙන කොහෙට හරි උන් යනවා. දැන් තියෙන මේ පොඩි කැලෑ කෑලි වලට පුලුවන්ද උන්ගෙ බඩගින්න නිවන්න. උන් ඉතින් කෑමයි අනෙක් ඕනෑ එපාකමුයි හොයාගෙන මිනිස්සු ඉන්න තැන් වලට එනවා. එතනදි තමයි ඉතින් කේස් එක එන්නෙ. මිනිස්සු කියනවා එන්න එපා කියලා. ඒත් උන්ට ඒක අදාල නෑ. උන්ට අදාල බඩගින්න. උන් දන්න විදිහට ශක්තිය තියෙනවා නම් තමා පැවැත්ම තියෙන්නෙ කියලා. ඉතින් උන් මිනිස්සුන්ගෙ බලයට අභියෝග කරලා උන්ට කැමති තැනට යනවා. දැන් ඉතින් මිනිස්සු තමන්ගෙ බලේ පෙන්නවා. සත්තු උන්ගෙ බලේ පෙන්නනවා. ඔන්න ඕකට තමා කියන්නෙ human-animal conflict නැත්නම් මිනිස්-සත්ව ගැටුම කියලා. ඉතින් මම කලින් කීවා වගේ මේක මේකෙ ලංකාවෙ අපි හොදටම මුහුන දෙන එක තමා අලි- මිනිස් ගැටුම.

ඒත් මෑත කාලෙදි අලි වගේම තවත් සත්තු ජාතියක් මේ ගැටුමෙදි කැපිලා පෙනෙන් පටන් අරන් තියෙනවා. ඒ තමයි අපි නිතර දෙවේලෙ දකින රිලව්. පාරෙ තොටේදි නිතර නිතර හැමෝම දකිනවා ඇතිනෙ රිලවුන්ගේ හැසිරීම. සමහර විට රිලවුන්ගේ හැසිරීම නිසා හොදටම බය වෙලත් ඇති. අතේ තිබුනු බිස්කට් පැකට් එක රිලවු උදුරගෙන දුවලා ඇති (ඒ අත්දැකීම වැඩිපුරම ඇත්තෙ කෙල්ලන්ට). මේ ආකාරයෙ නොයෙක් කරදර වලට මූන දීලා ඇතිනෙ රිලව් නිසා.

ලංකාවෙ වදුරො වර්ග 3ක් ඉන්නවා කියලා තමා මට මතක විදිහට අපට උගන්වල තියෙන්නෙ. මට හරියටම මතක නෑ. ඒත්, විකිපීඩියා එකෙත් එහෙම තියෙන නිසා මම හිතන්නෙ ඒක හරි. (මේ ජංජාලෙ තියෙන හැම දේම හරි නෑ කියලා තමයි මම අහලා තියෙන්නෙ.) මේ වර්ග 3 තමා Gray langur (ඇලි වදුරා), Purple Face Leaf Monkey, Toque Monkey(රිලවා). මෙයාලා අතරෙන් වැඩිපුරම දකින්න ලැබෙන්නෙ රිලවානෙ. රිලවාගෙ උප විශේෂ 3ක් ඉන්නවා කියල තමා කියන්නෙ. වැඩි විස්තර මෙතනින් බලා ගන්නකො.

ඇත්තටම වෙලාවකට පුදුමත් හිතෙනවා මේ රිලවුන්ගෙ හැසිරීම් නිසා. මගේ අත්දැකීම් වල හැටියට නම් රිලව් ගෑනුන්ට හරි අඩුවෙන් තමා බය. ඒත් ඒක තැනින් තැනට වෙනස්. විශ්වවිද්‍යාලයේ අවට ගැවසෙන රිලව් නම් කෙල්ලන්ට කිසි බයක් නෑ. කොල්ලන්ට බයත් නෑ. හැබැයි සාපේක්ෂව කොල්ලන්ට බයයි. කෙල්ලො ඉන්න තැන් වලට කිසි බයක් නැතිව යනවා. අපේ බැචීලා කියන විදිහට එයාලගෙ හොස්ටල් වල කාමර වලට පැනලා තියෙන කිරිපිටි, සීනි, බිස්කට් ඔක්කොම විනාස කරනවලු.( එක අතකට හොද වැඩේ. උන් ගොඩක් වෙලාවට තනි තනිවනෙ ඕව පරිභෝජනය කරන්නෙ.) ඒත් පහුගිය අවුරුදු 4ක විශ්වවිද්‍යාල ජීවිතේ කවදාවත් මම නම් දැකලා නෑ අපේ හොස්ටල් එකක කාමරේකට රිලව් පනිනවා. විශ්වවිද්‍යාලෙ නම් රිලවෙක් කෙල්ලෙක් ලගට ආව ගමන් කෙල්ල කෑ ගහගෙන දුවනවා. ඒත් අපේ ගෙදරදි නම් අපෙ අම්ම දැක්ක ගමන් රිලවා දුවනවා. මොකද උන් දන්නවනෙ අම්ම උන්ට බය නෑ, අතේ තියෙන ඕන එකකින් කෙලලා දානවා කියලා.

මාතෘතාවෙන් පිට පැන්නනෙ. කොහොම හරි මේ රිලව් ලංකාවෙ ගොඩක් පලාත් වල මිනිසුන්ට දැන් හරිම හිසරදයක් වෙලා. රංචු වශයෙන් ජීවත්වෙන රිලව් ගොවින්ගෙ වගා වලට පනලා වගා පාලු කරනවා. සමහර පැති වල මිනිසුන්ට කිසිම විදිහෙ පැලයක් වත්තකවත් හදා ගන්න බෑ මේ රිලා රංචු නිසා. ඒ විතරක් නෙමෙයි, මිනිසුන්ගෙ දේපල වලටත් සෑහෙන්න හානි කරනවා. සමහර වෙලාවට මිනිස්සු දවල්ට කන්න උයාගත්ත බත් මුට්ටිය උස්සගෙන යනවා, බොහොම අමාරුවෙන් ගෙදරට ගෙනාපු කිරි පිටි එක උස්සගෙන යනවා. ඒ විතරක් නෙමෙයි, මේ රිලා ප්‍රශ්නය ගම් වලට විතරක් නෙමෙයි. සෑහෙන්න ජනාකීර්ණ නගර වලත් මේ අවුල සැහෙන්න තියෙනවනෙ. ඉතින් මේ සත්තුන්ගෙ කරදරවලට ලක්වෙන පලාත්වල මිනිස්සු නම් ඉන්නෙ හරිම කේන්තියෙන්. මම ජීවත්වෙන්නෙත් මේ රිලා කරදරය දැඩිව දැනෙන පළාතක නිසා මේ තැන සෑහෙන්න මම අත්දැකලා තියෙනවා. දොටින්ම කියනව නම් අපේ වත්තෙ මෙලෝ දෙයක් හදන්න බෑ. රිලව් ඇවිත් එක දවසින් ඔක්කොම විනාශ කරලා යනවා. අපේ ගේ ලග තිබුනු උස ගස් කීපයකුත් තාත්තා කපලා දැම්මා මොකද, රිලව් මේ ගස් වලට නැගලා වහලෙට පනිනවා. උන්ගෙ පැනිලි නිසා අපෙ වහලෙ සෑහෙන්න කැඩිලා ගියා.

කොහොම වෙතත්, මේ ප්‍රශ්නෙ දැන් ලංකවෙ සෑහෙන්න මිනිස්සු ප්‍රමානෙකට බලපාන ප්‍රශ්නයක් වෙලා. සමහර පළාත් වල මේ ප්‍රශ්නෙ සමාජ ප්‍රශ්නයක් බවටත් පත්වෙලා. ඉතින්, ඉක්මනටම මේ ප්‍රශ්නෙට පිලියමක් හොයන්න සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම මෙතනදි වගකිය යුතු අය ඉක්මනින් හිතන්න ඕන මොකද කරන්නෙ කියලා. නැත්නම් මිනිස්සු තමන්ගේම වුනු විසදුම් හොයාගන්නවා. ඒක මම හොදටම අත් දැකලා තියෙනවා. ඒ අත්දැකීම් ටිකත් ලියන්න ඕන. ඒත්, දැන් නම් වෙලාවක් නෑ. මම හිතුවෙ නෑ මේක මෙච්චර දිග වෙයි කියලා. දැන් නම් නිදා ගන්න ඕන. මොකද හෙට පාන්දරම යන්න ඕන පීල්ඩ් විසිට් එකකට.  ඉක්මනටම (ගොඩක් විට හෙට) ලියනවා මේකෙ ඉතුරු ටික. රිලා ගැටලුවට මිනිස්සු කොහොමද ප්‍රතිචාර දක්වන්නෙ (රිලව් 25-30 එක දවසෙම පරලොව සැපත්වුනු හැටි), මොනවද අපිට කරන්න පුලුවන් ( මේ ප්‍රශ්නෙට මම දකින පිළිතුර) කියලා ලියන්නම්. එතෙක් ඉවසන්න....

Tuesday, March 1, 2011

International Scores

International Scores: "Get the latest scores of all the international cricket matches from Cricinfo. Add the Cricinfo International Scores widget now!"

Monday, February 28, 2011

අයියා බැදලා නැද්ද ??- උනන්දුවාගේ ඇන ගැනීම

උනන්දුවා කියන්නෙ අපේ බැචෙක්. මූ අපේ බැචෙක් වුනේ අපේම වාසනාවකටද කොහෙද? ඒ තරම් පොරක් මූ. ඒ වැදගත් කම නිසාම උනන්දුවා ගැන ලියන්න හිතුනා. සාමාන්‍යෙයන් අපෙ පැකල්ටි එකෙන් එළියට යන්න කලින් පොඩි සමුගැනීමේ සාදයක් තියෙනවනෙ. ඒකෙදි එක එක පුද්ගලයා ඉස්සරහට ගෙනල්ලා එයාලා ගැන පොඩි චරිතප්‍රධානයක් කරනවා. අපි නම් ඒකට කියන්නෙ මඩ ගහනවා කියලා. මඩ කීවට ඒව මඩ නෙමෙයි. ඇත්ත. එතනදි තමා ගොඩක් වෙලාවට සරසවි ජීවිතේ රසවත් සිද්ධි ටික ප්‍රසිද්ධියට පත්වෙන්නෙ. අපෝ මතක්වෙනකොටත් ඇග හිරි වැටෙනවා. අපිටත් ඉස්සරහට කොහොම මඩ වදීද දන්නෙ නෑනෙ. කොච්චර හොදට ඇද පැලදගෙන ඉස්සරහට ගියත් ආපහු එන්න වෙන්නෙ රෙදි නැතුව.

කථාවෙන් පිට පැන්නනෙ? හරි ඔන්න අපේ උනන්දුවා කියලා පොරක් ඉන්නවා. පොර නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උනන්දුවෙක් තමා. කෑගල්ල පැත්තෙ ගෙවල්. වැඩිපුර ප්‍රසිද්ධ නාගයා කියලා. මුචලින්ද කියලත් කියනවා. ඒ තරමට ඇත්ත කියන්නෙ. උනන්දුවා නිසා කෑගල්ලට දැන් අපි කියන්නෙ නයි පුරය කියලා.

මේ ඇත්ත කීමේ පුරුද්දට අමතරව මෙයාට තවත් මරු පුරුද්දක් තියෙනවා. මෙයා කට ඇරියොත් ආය ඉතින් අහන්න දෙයක් නෑ, හොදවයින් ඇන ගන්නවා. මේ කියන්න යන්නෙ එහෙම සිද්දියක් ගැන.

ඔන්න අපේ අනුරාධපුරේ ඉන්න බැචියක් කකුලක් කඩාගෙන ගෙදරදි බයික් එකෙන් වැටිලා. ඉතින් දවස් ගානක් තිස්සෙ ඇදේ. ඉතින් අපි සෙට් වුනා මේ කෙල්ලව බලන්න යන්න. (මේ වගේ චාන්ස් අපි අතාරින්නෙ නෑ. හොදට කන්න හම්බ වෙනවනෙ. කැන්ටිමේ රස මසවුලු කාලා, කාලා ඇතිවෙලානෙ ඉන්නෙ.) කොහොම හරි අපි උදේ 10,11 වෙනකොට අපි බැචිගෙ ගෙදරට ගියා.එහෙදි අපට සෙට් වුනා මේ බැචිගෙ හිච් එක.( හිචි එක කියන්නෙ යාළු වෙලා ඉන්න කොල්ලට හෝ කෙල්ලට) මේ සම්බන්දෙ ගැන ගෙදරිනුත් දන්නවා. කෙල්ල කැම්පස් එකෙන් අවුට් වුනු ගමන් බදින්න තමයි ලෑස්තිවෙලා ඉන්නෙ. කොහොම හරි පොර අපිවත් එක්කරගෙන ගියා පොරගෙ රෙස්ටුවරන්ට් එකකට. ඔන්න ඉතින් බෝතල් ටිකක් ආවා. ටික ටික ඒව හිස් වුනා. හැබැයි උනන්දුවා නම් බීවෙ බියර් විතරද කොහෙද. අපි ඉතින් අහිංසකයිනෙ. පැත්තකට වෙලා බලාගෙන හිටියා.  කොහොම හරි සෑහෙන වෙලාවක් මේ සංග්‍රහය පැවත්වෙන අතරෙ සතුටු සාමිචියෙ යෙදිලා හිටියා කට්ටිය.
ටික වෙලාවකින් ඔන්න කට්ටියගෙ දොඩමළු බව වැඩි වුනා. අර අයියා ඉතින් සෑහෙන විස්තර ටිකක් කීවා ඒ දෙන්නගෙ ලව් එක ගැන. ඔහොම ටිකක් වෙලා යද්දි අපෙ උනන්දුවා පොරගෙන් ඇහුවා
“අයියෙ ඔයාට වයස කීයද?“
“ මල්ලි හිතන්නෙ කීයක් විතර ඇතිද?“
උනන්දුවා- “ 30ක් විතර“
අර පොර- “ ටිකක් ලගයි. මට 29ක්“
උන්නදුවා ටිකක් වෙලා කල්පනා කරලා එකපාරටම අහපි

“අයියෙ එතකොට ඔයා බැදලා නැද්ද?“

අනේ දෙයියනේ. මට පොළව පලාගෙන යන්න හිතුනා. ඇයි මල හත්ඉලව්වෙ මේ පොර අපෙ බැචීව බදින්න ඉන්න ඩයල් එක. මූ අහනවා බැදලා නැද්ද කියලා. අපිට කියා ගන්න දෙයක් නැති වුනා. ඒක තමා මම කලින් කීවෙ මූත් එක්ක ඉන්න අපි හෙන වාසනාවන්තයි කියලා.

මේ උනන්දුවාගේ පොඩි සුලු ඇන ගැනිල්ලක් විතරයි. අපෝ ඔක්කොම ලියන්න ගියොත් නම් වෙන වැඩක් නැතිවෙයි.