හරි හරි. ඔන්න අද මම කියන්න යන්නෙ පහුගිය සති 2 පුරාවට බෙහෙත් කරපු සත්තු ටිකක් ගැන. පහුගිය සතියෙ මම හිටියෙ පාමසි රොටේෂන් එකේ. (අපි වැඩ කරන්නෙ රොටේෂන් වලට. ඒක පොඩ්ඩක් තේරෙන්නෙ නෑ තමා. ඒත් ඒ වචනෙට හරියන සිංහල වචනයක් මම දන්නෙ නෑ) මේ රොටේෂන් කියන සංකල්පෙ එන්නෙ අවසන් අවුරුද්දෙදි. හරියට ගාමන්ට් වල ෂිප්ට් වලට වැඩ වගේ. අපේ බැච් එක කන්ඩායම් වලට බෙදලා මාරුවෙන් මාරුවට එක එක වැඩට දාන එකට තමා අපි කියන්නෙ රොටේෂන් කියලා. මේ රොටේෂන් සිද්දියට කොච්චර අපි ඇබ්බැහි වෙලාද කියනව නම් කන්න බොන්නත් රොටේෂන් එකක. ඉතින් මේපාමසි ඉන්න අයට තමා වල් ජීවිතේ (වයිල්ඩ් ලයිප්) එහෙම නැත්නම් වන ජීවී කොටස බාරවෙන්නෙ.
අපේ පශු වෛද්‍ය ශික්ෂණ රෝහලේ පිටිපස්සහ වෙනම කොටසක් තියෙනවා මේ වනජීවි ප්‍රතිකාර වලට. සෑහෙන සත්තු ගානකුත් ඉන්නවා නේවාසික ප්‍රතිකාර ගන්න. ඉතින් ඒ සත්තුන්ට කන්න දෙන එක, බේත් කරන එක තමා අපේ වගකීම. මම නම් කැමතිම දෙයක් තමා මේ වන ජීවි අංශය. ඒත් ඉතින් හරි අමාරු රස්සාවක්. ඒ වගේම හරි අවධානම්.
ඔන්න මම අද දාන්නෙ පහුගිය දවස් වල අපි බේත් නරපු සත්තු ටිකකගේ පින්තූර සමග විස්තර.
![]() |
![]() |
මහ හම්බාවා- මේ ගෙනාපු මුල් දවස් වල |
මහ හම්බාවා Giant flying squirrel | Petaurista philippensis (එලියට්, 1839) | |
හීන් හම්බාවා Small flying squirrel | Petaurista fuscocapillus (ජර්ඩන්, 1847) |
මෙයා මහ හම්බාවා. මෙයා ගෙනාවෙ පොඩි මල්ලිලා දෙන්නෙක්. මෙයා වැඩ පෙන්නන්න ගිහින් අමාරුවෙ වැටිලා. හැමෝම දන්නවනෙ මෙයා ක්‍රියාකාරී රෑට කියලා. උස ගස් වලට නැගලා පහලට පාවෙලා එනවා. ඉතින් එහෙම පැනපු පිම්මක් වැරදිලා කටු කම්බියක තමා නැවතිලා තියෙන්නෙ. කොහොම හරි වට පිටාවෙ කට්ටිය එකතු වෙලා මෙයාව මස් කරන්න තමා ලෑස්ති වෙලා තියෙන්නෙ. එත් මේ මල්ලිලා දෙන්නා එකතුවෙලා හොරෙන්ම අරන් ඇවිත් අපට බාර දුන්නා. ලොකු ආබාධයක් වෙලා නම් නෑ. කකුල් දෙක අතර තියෙන හම පටලෙට පොඩ්ඩක් තුවාල වෙලා. මුල් දවසෙ නම් හරියට දුර්වල වෙලා හිටියෙ. අපේ අතට වෙලා හොදට බෙහෙත් බීවා, වතුර බීවා. දෙවනි දවසෙ පේ අනිල් අයියා (මෙයා තමා වන ජීවි එක්ස්පර්ට්) කියපු කථාවට තමා අපට තරු පෙනුනෙ. සාමාන්‍යෙයන් මෙයා මිනිස්සුන්ට පහර දෙනවලු. මෙයාගෙ අත්පාරකින් මූනක් ඉරලා දාන්න පුලුවන්ලු. අපි බය නැතිව කලින් දවසෙ අතට අරන් බේත් පෙව්වනෙ. අනිල් අයියා කියපු කථාව ඇත්ත කියලා තේරුනේ ටිකක් හොද වුනාම. ඇගට ටිකක් පන ආවට පස්සෙ මෙයා කූඩුව ලගට ගිහින් බලන කොට කන්න පනිනවා..
දැන් නම් මෙයාට ගොඩක් හොදයි. දැන් මෙයාව කොහාට අතාරිනවද කියලා නම් මට අදහසක් නෑ.
මෙන්න මෙයාගෙ විස්තර.
Indian Giant Flying Squirrel( called "Hambawa" in sinhala ) | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | |||||||||||
Conservation status | |||||||||||
Scientific classification | |||||||||||
Kingdom: | Animalia | ||||||||||
Phylum: | Chordata | ||||||||||
Class: | Mammalia | ||||||||||
Order: | Rodentia | ||||||||||
Family: | Sciuridae | ||||||||||
Genus: | Petaurista | ||||||||||
Species: | P. philippensis | ||||||||||
Binomial name | |||||||||||
Petaurista philippensis (Elliot, 1839) |
රතු පොත
මෙන්න මෙයාග තව පින්තූර ටිකක්.
පෝස්ට් එක දිග වැඩි වුනා. ඒ නිසා අනිත් සත්තු ටික වෙන වෙනම දාන්නම්.
අද හෝ හෙට ඊලග පෝස්ට් එක දාන්නම්. ඒ දිවියෙක් ගැන.
2 comments:
උඩවත්ත කැලේට එක්කන් යන්න
nice post.
T20 World Cup 2020 Fixture
icc t20 world cup 2020 teams/
icc t20 world cup 2020 venue
Post a Comment