Sunday, February 27, 2011

සුභ සහ යස, ඊජීප්තු අරගලය, සහ අපි

කලින් නාට්‍යක් ගැන බ්ලොග් එකක් ලියලා තිබුනනෙ. දැන් තවත් නාට්‍යයක් ගැන. ඒ විතරක් නෙමෙයි. දේශපාලනයත්. මූ නම් දන්න මගුලකුත් නෑ. ඒ වුනාට පොර වගේ ලියනවා කියලා හිතනවා නේද? පශු වෛද්‍ය ශිෂ්‍යයෙක්‍ට දේශපාලනෙයි, කලාවයි එක්ක කරන්න තියෙන මොන මගුලද? සාමාන්‍යයෙන් මිනිස්සු කියන්නෙ එහෙමනෙ. ශිෂ්‍යයන්ට තියෙන්නෙ ඉගෙන ගන්න. දේශපාලනේ උන්ට අදාල නෑ. එ‍හෙමනෙ කියන්නෙ. ඒවට විරුද්ධව තර්ක කරන්න කෙස් පැලෙන තර්ක මගෙ ලග නෑ. (නැත්තෙ නෑ. මට වුවමනාවක් නෑ)  ඒත් අර කවුද මන්දා දාර්ශනිකයෙක් (කවුද කියලා මට මතක නෑ. හැබැයි පොඩි කාලෙ සමාජවිද්‍යාවටද ‍කොහෙද ඉගැන්නුවා.) කියලා තියෙනවනෙ “මිනිසා යනු දේශපාලන සත්වයෙකි“ කියලා. ඒ නිසා ඉතින් මට නම් දේශපාලනේ අදාලයි. නැත්තම් අපිට එහෙම ඉගැන්නුවෙ අහවල් දේකටද?
කොහොම හරි පහුගිය සතියෙ පුරා මම වේදිකා නාට්‍ය ටිකක් බැළුවනෙ. මම මනමේ ගැනත් පොඩි බ්ලොග් සටහනක් දාලා තිබුනා. බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න. දැන් කථාකරන්න යන්නෙ සුභ සහ යස නාට්‍ය මට දැනුනු විදිහ ගැන. කලින් හිතාගෙන හිටියෙ මනමේ මට දැනුනු විදිහ ලියන්න. ඒත් ඊට වඩා සුභ සහ යස මේ කාලෙදි වැදගත් කියලා හිතුනු නිසා ඒ ගැන ලියන්න හිතුවා. ඔයාලා කවුරු හරි සුභ සහ යස බලලා තියෙනවද?
සුභ සහ යස සයිමන් නවගත්තේගම මහත්තයා ලියපු නාට්‍යයක්. මම හිතන්නෙ ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්තයා වෙන්න ඕන දැන් නාට්‍ය කරන්නෙ. ඉතින් ඔයාලා සුභ සහ යස ගැන කථාව අහල තියෙනවනෙ. යසලාලක තිස්ස කියලා රජෙක් උන්න. පොර විහිළු වලට හරි කැමති. පොරට හිටියා පොරට සමානම රූප කායකින් යුතු දොරටු පාලයෙක්. පොරගෙ නම සුභ. ඉතින් මේ රජා විහිළුවට වගේ මේ චරිත දෙක මාරු කරගත්තා. ඒ කියන්නෙ යස දැන් දොරටු පාලයා, සුභ රජා. ඔහොම ටික දවසක් කලාළු. එක දවසක් ඔහොම චරිතෙ මාරු කරපු වෙලාවක සුභ අණ කලාලු යසගෙ හිස ගසා දමන්න කියලා. ඕකනෙ අපි අහපු කතන්දරේ. ඒත් මේක වෙනස්.
නාට්‍ය පටන් ගන්නෙ උදේ පාන්දර රජ මාලිගාවෙ දර්ශනයකින්. උදේ පාන්දරම වන්දි භට්ටයො ටික රජුගෙ ගුණ වර්නනා කරලා ගායනා කරනවා. එතන ඉදලා ක්‍රම ක්‍රමයෙන් ප්‍රේක්ෂකයොන්ගෙ මනස තමන් ලග රදවගෙන නාට්‍ය ගලා යනවා. වර්ථමාන පාලන කරන ක්‍රමයත් එක්ක අපිව නිතරම යාවත්කාල කරන ගමන් හරි රසවත්ව නාට්‍යය ගලාගෙන යනවා. නාට්‍යයේ කථාව යන්නෙ යසලාලක තිස්ස රජාව පන්නලා දුක්විදින අහිංසක මිනිස්සු වෙනුවෙන් සුභව රජ කරන්න මෙහෙයවෙන කැරැල්ලක් වටේ. කැරලිකාරයො කැරැල්ල කරන්නෙ සෑහෙන දුක් විදලා. කොහොමහරි අන්තිමේදි සුභව රජෙක් කරනවා. මේ නාටයයේ වැදගත්ම කොටස තියෙන්නෙ අවසන් ජවනිකා කිහිපයේ කියලයි මට නම් හිතුනේ. කොතරම් පිවිතුරු චේතනාවෙන් මිනිස්සු වෙනුවෙන් රජකම් කරන්න සුභව පත් කලත්, ටික මොහොතකින් ඒ රජාටත් කල හැකි දෙයක් නැති වෙන හැටිත් මේකෙන් මම දැක්කා. කථාවෙ හැටියට සුභ කියන්නෙ ජනතාවගෙන් පැන නැගුනු රජෙක්. ජනතාවගෙ රජෙක්. සුභ උත්සහ කරනවා ජනතාව වෙනුවන් මොනවා හරි කරන්න ඒත්. ඔහුට එහෙම කරන්න කිසි ඉඩක් නෑ. ටික වෙලාවකින් මේ රජාත් පරන සිස්ටම් එකේම ඉදගෙන පරන රජාම බවට පත්වෙනවා. නාට්‍ය ඉවර වෙන්නෙ යස වගේම සුභ රජාත් දාසියකගෙන් මධු බදුනක් ඉල්ලන දෙබසකින්. ඒත් එක්කම ඔක්කොම ලයිට් ටික නිමෙන්න මොහොතකට ඉස්සල්ලා, සුභව රජ කරන්න දුක් විදපු, සටන් කරපු පිරිසම සුභට විරුද්ධව ආයුධ ඔසවන දර්ශනේ එක්කම වටේ ඉන්න ප්‍රේක්ෂකයො ඔක්කොටෝම(මමත් ඇතුලු) ඔළුව පිරෙන්න ටොකු ඇනගෙන ඇනගෙන යනවා නම් හොදයි කියලා මට දෙවෙනි වතාවටත් හිතුනා. (පළවෙනි වතාවට එහෙම හිතුනෙ පලවෙනි පාර මේ නාට්‍ය බලපු දවසේ)
ඉතින් මේකට ඊජිප්තුව එක්ක තියෙන සම්බන්දෙ මොකක්ද? හැමෝම දන්නවනෙ ඉතින් මේ දවස්වල ඊජිප්තුව ලෝකෙට ප්‍රවෘත්ති මවන රට වෙලා කියලා. අවුරුදු 31ක හොස්නි මුබාරක්ගේ පීඩාකාරී පාලනය අවසන් කරන්න ඊජිප්තුවේ මිනිස්සු පාරට බැහැලා ලොකු අරගලයක් කලානෙ. ඒක ආදර්ශයක් කරගෙන ලෝකෙ වටේම මේ වෙනකොට ලොකු විරෝධතා රැල්ලකුත් දියත්වෙනවනෙ. නේද? ඊජිප්තුවේ ජනතාව කොහොම හරි හොස්නි මුබාරක් කියන පාලකයා එළවලා දැම්මා. මේ අරගලයේ පෙරමුනේ හිටියෙ තරුණයෝ කියලයි කියන්නෙ. ඒවගේම මේ සටන ඇවිළුවේ මූනු පොත හරහා කියලයි කියන්නෙ. ගූගල් සමාගමත් මේකෙ සෑහෙන වැඩ කොටසක් කලාළු.
අළුත් පාලකයා හොස්නි මුබාරක්ගේ මිලිටරි ප්‍රධානියා වෙලා හිටපු පීල්ඩ් මාර්ෂල් මොහොමඩ් සයිද්ටන්ටාවි කියලා පොරක්ලු. හමුදා ජුන්ටාවක්ලු. (සුභ කියන්නෙත් යසගෙ හමුදාවෙ ප්‍රධානියෙක්.) ඉතින් මේ පොරත් සුපුරුදු විදිහටම පරන පාලනයම ගෙනියනවා. අඩු ගානෙ අවුරුදු 30ක් තිස්සෙ ක්‍රියාත්මක වෙච්ච හදිසි නීතියවත් තාම අයින් කරලා නෑ කියලයි කියන්නෙ. කොහොම හරි දැන් ආයෙත් ඊජිප්තු ජනතාව පාරට බැහැල. ඒ තමන්ට අවශ්‍ය දේ නොලැබුනු නිසා. ඊජිප්තුවේ සියළුම දේ අවුල් වෙලාලු. දැන් මිනිස්සු හමුදා පාලකයවත්, ගූගල් එකේ පොරවල්වත් කියන දේ අහන්නෙ නැතිව වැඩ වර්ජනයි උද්ඝෝෂනයි කරනවළු. මම හිතන්නෙ ඊජිප්තුවේ මින්සුන්ට නම් තේරිලා තියෙන්නෙ පාලකයන්ගෙ මූනු වෙනස් කලාට වැඩේ හරියන්නෙ නෑ කියලා. පරන සිස්ටම් එකේම පාලනයට එන හැම මූනම වැඩ කරන්නෙ පරණ විදිහටම තමා. බලන්න මම කලින් කියපු සුභ සහ යස කථාවත් මීටම සමාන නැද්ද කියලා. මට නම් සමානයි වගේ.
තවත් කාරනයක් තියෙනවා. නාට්‍යයේ රජතුමාගෙ චතුරංගනී සේනාවම විනාශ වෙනවා කැරැල්ල මර්ධනය කරන්න ගිහින්. එතකොට රජාගෙ ඇමතිලා ටික වස්තුව පොදි බැදගෙන පැනලා යන්න හදනවා. ඒත් සුභ ගිහින් කැරැල්ල නවත්වලා එනවා. සුභ සටන ඉවර කරලා එද්දි මාලිගාවෙ ඉන්න පැනලා යන්න හදපු රජුගෙ ඇමතිවරු ටික ඒ ජයග්‍රහනය තමන් ලබා ගත්ත එකක් කියලා අර්තකථනය කරලා ඉවරයි. හැබැයි මේ රජා නම් ඒ ජයග්‍රහනය හොරකම් කරන්න හදන්නෙ නෑ. පොර අහනවා ඒක උඹලගෙ ජයක් වුනේ කොහොමද කියලා...........
ඔන්න ඉතින් මම සුභ සහ යස දැක්ක විදිහ ලීවා. දැන් ඉතින් හැමෝම ආයුධ අමෝරාගෙන මාව කන්න පනින්න. මම අහවල් පක්ෂෙ ඉත්තෙක් කියලා වර්ගීකරනය කරන්න. ඒක ඔබට භාරයි...

No comments: