Monday, February 28, 2011

අයියා බැදලා නැද්ද ??- උනන්දුවාගේ ඇන ගැනීම

උනන්දුවා කියන්නෙ අපේ බැචෙක්. මූ අපේ බැචෙක් වුනේ අපේම වාසනාවකටද කොහෙද? ඒ තරම් පොරක් මූ. ඒ වැදගත් කම නිසාම උනන්දුවා ගැන ලියන්න හිතුනා. සාමාන්‍යෙයන් අපෙ පැකල්ටි එකෙන් එළියට යන්න කලින් පොඩි සමුගැනීමේ සාදයක් තියෙනවනෙ. ඒකෙදි එක එක පුද්ගලයා ඉස්සරහට ගෙනල්ලා එයාලා ගැන පොඩි චරිතප්‍රධානයක් කරනවා. අපි නම් ඒකට කියන්නෙ මඩ ගහනවා කියලා. මඩ කීවට ඒව මඩ නෙමෙයි. ඇත්ත. එතනදි තමා ගොඩක් වෙලාවට සරසවි ජීවිතේ රසවත් සිද්ධි ටික ප්‍රසිද්ධියට පත්වෙන්නෙ. අපෝ මතක්වෙනකොටත් ඇග හිරි වැටෙනවා. අපිටත් ඉස්සරහට කොහොම මඩ වදීද දන්නෙ නෑනෙ. කොච්චර හොදට ඇද පැලදගෙන ඉස්සරහට ගියත් ආපහු එන්න වෙන්නෙ රෙදි නැතුව.

කථාවෙන් පිට පැන්නනෙ? හරි ඔන්න අපේ උනන්දුවා කියලා පොරක් ඉන්නවා. පොර නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උනන්දුවෙක් තමා. කෑගල්ල පැත්තෙ ගෙවල්. වැඩිපුර ප්‍රසිද්ධ නාගයා කියලා. මුචලින්ද කියලත් කියනවා. ඒ තරමට ඇත්ත කියන්නෙ. උනන්දුවා නිසා කෑගල්ලට දැන් අපි කියන්නෙ නයි පුරය කියලා.

මේ ඇත්ත කීමේ පුරුද්දට අමතරව මෙයාට තවත් මරු පුරුද්දක් තියෙනවා. මෙයා කට ඇරියොත් ආය ඉතින් අහන්න දෙයක් නෑ, හොදවයින් ඇන ගන්නවා. මේ කියන්න යන්නෙ එහෙම සිද්දියක් ගැන.

ඔන්න අපේ අනුරාධපුරේ ඉන්න බැචියක් කකුලක් කඩාගෙන ගෙදරදි බයික් එකෙන් වැටිලා. ඉතින් දවස් ගානක් තිස්සෙ ඇදේ. ඉතින් අපි සෙට් වුනා මේ කෙල්ලව බලන්න යන්න. (මේ වගේ චාන්ස් අපි අතාරින්නෙ නෑ. හොදට කන්න හම්බ වෙනවනෙ. කැන්ටිමේ රස මසවුලු කාලා, කාලා ඇතිවෙලානෙ ඉන්නෙ.) කොහොම හරි අපි උදේ 10,11 වෙනකොට අපි බැචිගෙ ගෙදරට ගියා.එහෙදි අපට සෙට් වුනා මේ බැචිගෙ හිච් එක.( හිචි එක කියන්නෙ යාළු වෙලා ඉන්න කොල්ලට හෝ කෙල්ලට) මේ සම්බන්දෙ ගැන ගෙදරිනුත් දන්නවා. කෙල්ල කැම්පස් එකෙන් අවුට් වුනු ගමන් බදින්න තමයි ලෑස්තිවෙලා ඉන්නෙ. කොහොම හරි පොර අපිවත් එක්කරගෙන ගියා පොරගෙ රෙස්ටුවරන්ට් එකකට. ඔන්න ඉතින් බෝතල් ටිකක් ආවා. ටික ටික ඒව හිස් වුනා. හැබැයි උනන්දුවා නම් බීවෙ බියර් විතරද කොහෙද. අපි ඉතින් අහිංසකයිනෙ. පැත්තකට වෙලා බලාගෙන හිටියා.  කොහොම හරි සෑහෙන වෙලාවක් මේ සංග්‍රහය පැවත්වෙන අතරෙ සතුටු සාමිචියෙ යෙදිලා හිටියා කට්ටිය.
ටික වෙලාවකින් ඔන්න කට්ටියගෙ දොඩමළු බව වැඩි වුනා. අර අයියා ඉතින් සෑහෙන විස්තර ටිකක් කීවා ඒ දෙන්නගෙ ලව් එක ගැන. ඔහොම ටිකක් වෙලා යද්දි අපෙ උනන්දුවා පොරගෙන් ඇහුවා
“අයියෙ ඔයාට වයස කීයද?“
“ මල්ලි හිතන්නෙ කීයක් විතර ඇතිද?“
උනන්දුවා- “ 30ක් විතර“
අර පොර- “ ටිකක් ලගයි. මට 29ක්“
උන්නදුවා ටිකක් වෙලා කල්පනා කරලා එකපාරටම අහපි

“අයියෙ එතකොට ඔයා බැදලා නැද්ද?“

අනේ දෙයියනේ. මට පොළව පලාගෙන යන්න හිතුනා. ඇයි මල හත්ඉලව්වෙ මේ පොර අපෙ බැචීව බදින්න ඉන්න ඩයල් එක. මූ අහනවා බැදලා නැද්ද කියලා. අපිට කියා ගන්න දෙයක් නැති වුනා. ඒක තමා මම කලින් කීවෙ මූත් එක්ක ඉන්න අපි හෙන වාසනාවන්තයි කියලා.

මේ උනන්දුවාගේ පොඩි සුලු ඇන ගැනිල්ලක් විතරයි. අපෝ ඔක්කොම ලියන්න ගියොත් නම් වෙන වැඩක් නැතිවෙයි.

Sunday, February 27, 2011

සුභ සහ යස, ඊජීප්තු අරගලය, සහ අපි

කලින් නාට්‍යක් ගැන බ්ලොග් එකක් ලියලා තිබුනනෙ. දැන් තවත් නාට්‍යයක් ගැන. ඒ විතරක් නෙමෙයි. දේශපාලනයත්. මූ නම් දන්න මගුලකුත් නෑ. ඒ වුනාට පොර වගේ ලියනවා කියලා හිතනවා නේද? පශු වෛද්‍ය ශිෂ්‍යයෙක්‍ට දේශපාලනෙයි, කලාවයි එක්ක කරන්න තියෙන මොන මගුලද? සාමාන්‍යයෙන් මිනිස්සු කියන්නෙ එහෙමනෙ. ශිෂ්‍යයන්ට තියෙන්නෙ ඉගෙන ගන්න. දේශපාලනේ උන්ට අදාල නෑ. එ‍හෙමනෙ කියන්නෙ. ඒවට විරුද්ධව තර්ක කරන්න කෙස් පැලෙන තර්ක මගෙ ලග නෑ. (නැත්තෙ නෑ. මට වුවමනාවක් නෑ)  ඒත් අර කවුද මන්දා දාර්ශනිකයෙක් (කවුද කියලා මට මතක නෑ. හැබැයි පොඩි කාලෙ සමාජවිද්‍යාවටද ‍කොහෙද ඉගැන්නුවා.) කියලා තියෙනවනෙ “මිනිසා යනු දේශපාලන සත්වයෙකි“ කියලා. ඒ නිසා ඉතින් මට නම් දේශපාලනේ අදාලයි. නැත්තම් අපිට එහෙම ඉගැන්නුවෙ අහවල් දේකටද?
කොහොම හරි පහුගිය සතියෙ පුරා මම වේදිකා නාට්‍ය ටිකක් බැළුවනෙ. මම මනමේ ගැනත් පොඩි බ්ලොග් සටහනක් දාලා තිබුනා. බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න. දැන් කථාකරන්න යන්නෙ සුභ සහ යස නාට්‍ය මට දැනුනු විදිහ ගැන. කලින් හිතාගෙන හිටියෙ මනමේ මට දැනුනු විදිහ ලියන්න. ඒත් ඊට වඩා සුභ සහ යස මේ කාලෙදි වැදගත් කියලා හිතුනු නිසා ඒ ගැන ලියන්න හිතුවා. ඔයාලා කවුරු හරි සුභ සහ යස බලලා තියෙනවද?
සුභ සහ යස සයිමන් නවගත්තේගම මහත්තයා ලියපු නාට්‍යයක්. මම හිතන්නෙ ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්තයා වෙන්න ඕන දැන් නාට්‍ය කරන්නෙ. ඉතින් ඔයාලා සුභ සහ යස ගැන කථාව අහල තියෙනවනෙ. යසලාලක තිස්ස කියලා රජෙක් උන්න. පොර විහිළු වලට හරි කැමති. පොරට හිටියා පොරට සමානම රූප කායකින් යුතු දොරටු පාලයෙක්. පොරගෙ නම සුභ. ඉතින් මේ රජා විහිළුවට වගේ මේ චරිත දෙක මාරු කරගත්තා. ඒ කියන්නෙ යස දැන් දොරටු පාලයා, සුභ රජා. ඔහොම ටික දවසක් කලාළු. එක දවසක් ඔහොම චරිතෙ මාරු කරපු වෙලාවක සුභ අණ කලාලු යසගෙ හිස ගසා දමන්න කියලා. ඕකනෙ අපි අහපු කතන්දරේ. ඒත් මේක වෙනස්.
නාට්‍ය පටන් ගන්නෙ උදේ පාන්දර රජ මාලිගාවෙ දර්ශනයකින්. උදේ පාන්දරම වන්දි භට්ටයො ටික රජුගෙ ගුණ වර්නනා කරලා ගායනා කරනවා. එතන ඉදලා ක්‍රම ක්‍රමයෙන් ප්‍රේක්ෂකයොන්ගෙ මනස තමන් ලග රදවගෙන නාට්‍ය ගලා යනවා. වර්ථමාන පාලන කරන ක්‍රමයත් එක්ක අපිව නිතරම යාවත්කාල කරන ගමන් හරි රසවත්ව නාට්‍යය ගලාගෙන යනවා. නාට්‍යයේ කථාව යන්නෙ යසලාලක තිස්ස රජාව පන්නලා දුක්විදින අහිංසක මිනිස්සු වෙනුවෙන් සුභව රජ කරන්න මෙහෙයවෙන කැරැල්ලක් වටේ. කැරලිකාරයො කැරැල්ල කරන්නෙ සෑහෙන දුක් විදලා. කොහොමහරි අන්තිමේදි සුභව රජෙක් කරනවා. මේ නාටයයේ වැදගත්ම කොටස තියෙන්නෙ අවසන් ජවනිකා කිහිපයේ කියලයි මට නම් හිතුනේ. කොතරම් පිවිතුරු චේතනාවෙන් මිනිස්සු වෙනුවෙන් රජකම් කරන්න සුභව පත් කලත්, ටික මොහොතකින් ඒ රජාටත් කල හැකි දෙයක් නැති වෙන හැටිත් මේකෙන් මම දැක්කා. කථාවෙ හැටියට සුභ කියන්නෙ ජනතාවගෙන් පැන නැගුනු රජෙක්. ජනතාවගෙ රජෙක්. සුභ උත්සහ කරනවා ජනතාව වෙනුවන් මොනවා හරි කරන්න ඒත්. ඔහුට එහෙම කරන්න කිසි ඉඩක් නෑ. ටික වෙලාවකින් මේ රජාත් පරන සිස්ටම් එකේම ඉදගෙන පරන රජාම බවට පත්වෙනවා. නාට්‍ය ඉවර වෙන්නෙ යස වගේම සුභ රජාත් දාසියකගෙන් මධු බදුනක් ඉල්ලන දෙබසකින්. ඒත් එක්කම ඔක්කොම ලයිට් ටික නිමෙන්න මොහොතකට ඉස්සල්ලා, සුභව රජ කරන්න දුක් විදපු, සටන් කරපු පිරිසම සුභට විරුද්ධව ආයුධ ඔසවන දර්ශනේ එක්කම වටේ ඉන්න ප්‍රේක්ෂකයො ඔක්කොටෝම(මමත් ඇතුලු) ඔළුව පිරෙන්න ටොකු ඇනගෙන ඇනගෙන යනවා නම් හොදයි කියලා මට දෙවෙනි වතාවටත් හිතුනා. (පළවෙනි වතාවට එහෙම හිතුනෙ පලවෙනි පාර මේ නාට්‍ය බලපු දවසේ)
ඉතින් මේකට ඊජිප්තුව එක්ක තියෙන සම්බන්දෙ මොකක්ද? හැමෝම දන්නවනෙ ඉතින් මේ දවස්වල ඊජිප්තුව ලෝකෙට ප්‍රවෘත්ති මවන රට වෙලා කියලා. අවුරුදු 31ක හොස්නි මුබාරක්ගේ පීඩාකාරී පාලනය අවසන් කරන්න ඊජිප්තුවේ මිනිස්සු පාරට බැහැලා ලොකු අරගලයක් කලානෙ. ඒක ආදර්ශයක් කරගෙන ලෝකෙ වටේම මේ වෙනකොට ලොකු විරෝධතා රැල්ලකුත් දියත්වෙනවනෙ. නේද? ඊජිප්තුවේ ජනතාව කොහොම හරි හොස්නි මුබාරක් කියන පාලකයා එළවලා දැම්මා. මේ අරගලයේ පෙරමුනේ හිටියෙ තරුණයෝ කියලයි කියන්නෙ. ඒවගේම මේ සටන ඇවිළුවේ මූනු පොත හරහා කියලයි කියන්නෙ. ගූගල් සමාගමත් මේකෙ සෑහෙන වැඩ කොටසක් කලාළු.
අළුත් පාලකයා හොස්නි මුබාරක්ගේ මිලිටරි ප්‍රධානියා වෙලා හිටපු පීල්ඩ් මාර්ෂල් මොහොමඩ් සයිද්ටන්ටාවි කියලා පොරක්ලු. හමුදා ජුන්ටාවක්ලු. (සුභ කියන්නෙත් යසගෙ හමුදාවෙ ප්‍රධානියෙක්.) ඉතින් මේ පොරත් සුපුරුදු විදිහටම පරන පාලනයම ගෙනියනවා. අඩු ගානෙ අවුරුදු 30ක් තිස්සෙ ක්‍රියාත්මක වෙච්ච හදිසි නීතියවත් තාම අයින් කරලා නෑ කියලයි කියන්නෙ. කොහොම හරි දැන් ආයෙත් ඊජිප්තු ජනතාව පාරට බැහැල. ඒ තමන්ට අවශ්‍ය දේ නොලැබුනු නිසා. ඊජිප්තුවේ සියළුම දේ අවුල් වෙලාලු. දැන් මිනිස්සු හමුදා පාලකයවත්, ගූගල් එකේ පොරවල්වත් කියන දේ අහන්නෙ නැතිව වැඩ වර්ජනයි උද්ඝෝෂනයි කරනවළු. මම හිතන්නෙ ඊජිප්තුවේ මින්සුන්ට නම් තේරිලා තියෙන්නෙ පාලකයන්ගෙ මූනු වෙනස් කලාට වැඩේ හරියන්නෙ නෑ කියලා. පරන සිස්ටම් එකේම පාලනයට එන හැම මූනම වැඩ කරන්නෙ පරණ විදිහටම තමා. බලන්න මම කලින් කියපු සුභ සහ යස කථාවත් මීටම සමාන නැද්ද කියලා. මට නම් සමානයි වගේ.
තවත් කාරනයක් තියෙනවා. නාට්‍යයේ රජතුමාගෙ චතුරංගනී සේනාවම විනාශ වෙනවා කැරැල්ල මර්ධනය කරන්න ගිහින්. එතකොට රජාගෙ ඇමතිලා ටික වස්තුව පොදි බැදගෙන පැනලා යන්න හදනවා. ඒත් සුභ ගිහින් කැරැල්ල නවත්වලා එනවා. සුභ සටන ඉවර කරලා එද්දි මාලිගාවෙ ඉන්න පැනලා යන්න හදපු රජුගෙ ඇමතිවරු ටික ඒ ජයග්‍රහනය තමන් ලබා ගත්ත එකක් කියලා අර්තකථනය කරලා ඉවරයි. හැබැයි මේ රජා නම් ඒ ජයග්‍රහනය හොරකම් කරන්න හදන්නෙ නෑ. පොර අහනවා ඒක උඹලගෙ ජයක් වුනේ කොහොමද කියලා...........
ඔන්න ඉතින් මම සුභ සහ යස දැක්ක විදිහ ලීවා. දැන් ඉතින් හැමෝම ආයුධ අමෝරාගෙන මාව කන්න පනින්න. මම අහවල් පක්ෂෙ ඉත්තෙක් කියලා වර්ගීකරනය කරන්න. ඒක ඔබට භාරයි...

Thursday, February 24, 2011

කොහු මිටේ උපත් පාළනය...

මේක පොඩි විහිළු කථාවක්. ඒත් ඉතින් කවුරුත් දන්න පරන කථාවක්ද කියලා නම් දන්නෙ නෑ. මට නම් අළුත්. අපේ බිස්නස් මැනේජ්මන්ට් සර් කියපු කථාවක්. මේ සර් ලෙක්චර් වලදි වැඩිපුර කරන්නෙ කතන්දර කියන එක. දන්නවනෙ එක එක මිනිස්සු එක එක විදිහනෙ. ඒ වගේ තමා එක එක ලෙක්චරස්ලා එක එක විදිහයි. සමහරු ලෙක්චර් එකට ආවම හිනාවක්වත් නෑ, ඔහේ කියවගෙන කියවගෙන යනවා. තවත් සමහරු මොකක් හරි පොතක් POWERPOINT PRESENTATION එකකට ඔබාගෙන ඇවිත් කියගෙන කියවගෙන යනවා. තවත් සමහරු කවදාවත් අමතක නොවෙන විදිහට සුපිරියට උගන්වනවා. තවත් සමහරු ලෙක්චර් කියලා තමන්ගෙ පොර ටෝක් ටික දීලා යනවා. තව එක එක විදිහෙ අය මම දැකලා තියෙනවා. කොහොමෙන් කොහොම හරි FINAL YEAR එකට එද්දි මට නම් ලෙක්චර් යනවා කියන එක වහ කදුරු වගේ වෙලා තියෙන්නෙ. මේක ලියන්නෙත් ලෙක්චර් එකක් CUT කරලා. පැයක් විතර ඉදගෙන හිටියා, එපා වුනා. ඉන්ටර්වල් එකක් දුන්නු ගමන් පැනලා ආවා.
කොහොමහරි මේකයි කතන්දරේ. සර් මේ කථාව කීවෙ සන්නිවේදනයේ වැදගත් කම ගැන උගන්නන්න උදාහරනයක් විදිහට. මේක සෑහෙන කාලෙකට කලින් ටිකක් ඈත පිටිසර ගම් පළාතක වෙච්ච සිද්දියක්. ඔය ගම් පලාතෙ හැම පවුලකම ලමයි සෑහෙන ගානක් ඉන්නවලු. ඒ කාලෙ කොහොමත් එහෙමනෙ. ඉතින් ඒ නිසා ඒ පලාතට පවුල් සංවිධාන ක්‍රම හදුන්වලා දෙන්න අදාල සෞඛ්‍ය අංශ වලට ඔන වුනාලු.
ඉතින් මෙයාලා මුලු පළාතෙම දැන්වීම් ගහලා, ගෙයින් ගෙට ගිහින් කොහොම හරි මුළු ගමම එක දවසක එක සමිති ශාලාවකට එකතු කරලා දැනුවත් කිරීමේ වැඩ සටහනක් සංවිධානය කලා.
දැන් මේ වැඩ සටහනේදි මිනිස්සුන්ට මේ ගැන පැහැදිලි කරලා, ලේසි සහ ලාබදායි උපත් පාලන ක්‍රමයක් විදිහට කොන්ඩම් හදුන්වා දුන්නලු. දැන් ඉතින් මේ මිනිස්සුන්ට මේක පාවිච්චි කරන හැටි කියලා දෙන්නත් එපැයි. ඉතින් පැහැදිලි කරපු පොර දැන් හරි අමාරුවකට වැටිලා... මොකට දාලද දැන් මේක කරන හැටි පෙන්නන්නෙ.... සමිත් ශාලාවෙ දොර අයිනෙ තියෙන කොස්ස දැක්කම පොරට එළ අදහසක් ආවලු. ගත්තලු කොස්ස, ‘‘අහවල් වැඩේ කරන්න කලින් මෙන්න මේ විදිහට කොන්ඩම් එක දාගන්න“ කියලා කොහු මිටට කොන්ඩම් එක දාලා පෙන්නුවලු. දැන් ඉතින් පොරට පුල් හැපි. වඩේ හරිනෙ. කොහොම හරි ගමේ මිනිස්සුන්ට නිකම් කොන්ඩම් ටිකකුත් බෙදලා පොරවල් ටික ගමෙන් ගියාලු.
මාස 5-6කට පස්සෙ මේ අය ආපහු ඒ ගමට ගියා. ඒ එයාලගෙ කොන්ඩම් ව්‍යාපාරයෙ තත්වෙ හොයලා බලන්න. ඉතින් ගෙවල් ගානෙ ගිහින් හොයලා බැලුවළු තත්වෙ. මාර කේස් එක.... යන යන ගෙදර ඉන්න හැම ගෑනු කෙනාටම ලමයි හම්බ වෙන්න ඉන්නවලු. වැඩේ හරි ගිහින් නෑ. හෙනම අවුල.. ඉතින් මෙයාල හොයල බැලුවළු මොකද වුනේ කියලා.. හිතා ගන්න පුළුවන්නෙ මොකද වුනේ කියලා. ගමේ පොරවල්ලා ටික මොකද දන්නවද කරලා තියෙන්නෙ. ගෙදර තියෙන කොස්ස අරන් කොහු මිටට කොන්ඩම් එක දාලා වැඩේ කරලා. මහත්වරු ටික කීවනෙ එහෙම කලාම ළමයි හම්බවෙන්නෙ නෑ කියලා. කිසි බයක් නැතිව ඉදලා. සමහර බැදපු නැති ගෑනුන්ටත් ළමයි හම්බවෙන්න ඉන්නවළු. ඉතින් හිතාගන්න පුලුවන්නෙ තත්වෙ. 
ඔන්න ඕකයි කථාව. සමහරු හිතයිද දන්නෙ නෑ මේක අසභ්‍ය කථාවක් කියලා. ඒත් මට හිතෙන්නෙ එච්චරම අසභ්‍ය නෑ කියලා.

Tuesday, February 22, 2011

මහාචාර්‍ය සරච්චන්ද්‍ර, මනමේ සහ විෂ්නු කතරගම දෙවිදු (මටද වැරදුනේ?)

ඉරිදා සිට දින හයක් එක දිගට පේරාදෙනියේ සාම්ප්‍රදායික වල සතිය තියෙනවා කියලා පෝස්ටරයක් ගහලා තිබුනා. (වල සතිය කියන්නෙ මහාචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ තියෙන වාර්ෂික නාට්‍ය උළෙල. දැන් නම් වාර්ෂිකව 2ක් තියෙනවා.) ආය ඉතින් වෙන මොනවද? මේ සතියෙම හවසට වෙන වැඩ නෑ. ඉරිදා හවස මනමේ බලන්න සෙට් වෙන්න හිතාගෙන හිටියේ. ඒත් ඉරිදා නබීරගෙ ශෛල්‍යකර්මය කරන්න වුනානෙ. ඒත් ඒක හවස් වෙද්දි ඉවර වුනා. ඒත් මාර කේස් එක. හවස මැච් එක. කොහොම හරි මැච් එකයි මනමෙයි අතර දෝලනය වෙවී ඉදලා අන්තිමට වෙලාවට වලට සෙට් වුනා. සරත්චන්ද්‍ර වලේ මනමේ බලන්න එක හෙන ලොකු දෙයක් කියලා තමා මම අහලා තියෙන්නෙ. ඒත් මම නම් එහෙම හිතන්නෑ. ඔය ගැන මරුවට ලියලා තිබුනා කතිකාචාර්‍ය ලියනගේ අමරකීර්ති මහත්තයා. ඒක වෙනම කථාවක්. කොහොම හරි මම නම් වලේදි දෙවෙනි වතාවට තමයි මනමේ බැලුවෙ.
දිග පෝලිමක ඉදලා කොහොම හරි ඇතුලට රිංගලා පොඩි ගේමකුත් දීලා හොදට පේන තැනකිනුත් ඉදගත්තා. ඔන්න ඉතින් මනමේ පටන් ගත්තා...
පොතේ ගුරු ආවා. කතන්දරේ කීවා...
මනමේ කුමාරයා ආවා... විස්තරේ කීවා.. ගමට යන්න ලෑස්ති වුනා..
දුලා කුමරි ආවා... විස්තරේ කීවා..
ලස්සන සිංදු, රගපෑම්...
ඔය ඔක්කොම අස්සෙ රාජ ගුරුත් ආවා... විස්තරේ කීවා..
ඊලගට ඔන්න මනමේ කුමාරයා සමුගන්න ආවා...
සමුගෙන යන්න සූදානම් වුනාම රාජ ගුරු කුමාරයාව නැවත්තුවා..
ඔන්න දූ කුමරියව ගෙන්නුවා..
මනමේ කුමාරයාගෙන් අහනවා කුමරිය විවහා කර ගන්න කැමතිද කියලා...
ඔන්න දැන්
දුලා නෙතු පුලා............
දෙන්නම කැමතී.
හරි ඔන්න විවහාය කරනවා..
රාජගුරු දෙන්නටම ආශිර්වාද කරනවා...
මල හත් ඉලව්වයි.........
එහෙම වුනේ කොහොමද?
මෙන්න බොලේ රාජගුරු දෙන්නට ආශිර්වාද කරනවා විෂ්නු කතරගම දෙවියන්ගේ රැකවරනය ලැබෙන්න කියලා. මට මාර ප්‍රශ්නයක් ඇති වුනේ.
මනමේ කථාව නියවෙන්නෙ සෑහෙන ඈත කාලෙක නේද? මම දන්න තරමෙන්නම් ඒක ජාතක කථාවක්. ඒ කියන්නෙ බුදු හාමුදුරුවොගෙ කාලෙටත් කලින් කාලෙ ගැන නේද කියන්නෙ. ඒත් ඒ කාලෙත් කතරගම දෙවියො හිටියද? මම දන්න විදිහට ලංකාව ජනාවාස වුනේ විජය කුමාරයන්ගෙන් පස්සෙනෙ. සමහර විට ඉන්න ඇති නේද? යක්ෂ. නාග ගෝත්‍රවල මිනිස්සු හිටියනෙ මෙහෙ. එයාල අදහන්න ඇති කතරගම දෙවියො.  අනික ඔය රාවනා හිටිය කියන්නෙත් ඔය දකුණු පළාතෙනෙ.
මට නම් නාට්‍ය කලාව ගැන ලොකු දැනුමක් නෑ. ඔය ජාතක කථා ගැන, ඉතිහාසෙ ගැන ලොකු දැනුමකුත් නෑ. ඒ නිසාදෝ මන්දා මට එතන මොකක් හරි අවුලක් වගේ දැනුනා. කොහොමද සෑහෙන ඈත කාලෙ දඹදිව වුනු කථාවකදි කතරගම දෙවියො ගැන සදහන් කරන්නෙ. හරි එතන පොඩි අවුලක් නැද්ද? මම හිතන්නෙ සරත්චන්ද්‍ර මහත්මයට පොඩ්ඩක් ඒ ගැන හිතන්න තිබුනා. වෙන මුතුත් නිසා නෙමෙයි, ඕන මගුලක ඇදයක් හොයන්න බලාගෙන ඉන්න මං වගේ එවුනුත් නාට්‍ය බලන්න එන නිසා.......
විද්‍යා විෂයන් එක්ක විතරක් ගැට ගැහිලා ඉන්න, අඩුවෙන් සාහිතය එක්ක ගැටෙන මං වගේ කෙනෙක්ට මනමේ ගැන විචාර ලියන්න සුදුසු කමක් නෑ. ඒත්, මනමේ ගැන මට දැනිච්ච දේ ලියන්නත් ඕන. ඒත් දැන් අද නාට්‍ය බලන්න යන්න ඕන. අද තියෙන්නෙ සුභ සහ යස.  පස්සෙ වෙලාවක දැනුන දේ ලියන්නම්.
කාට හරි මට මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්නම් කමෙන්ටුවක් දාන්න.

 පේරාදෙනියෙ ලගපාත කවුරුහරි ඉන්නව නම්, වලට එන්න හිතෙනව නම් මෙන්න නාට්‍ය පෙලගැස්ම.
අද පෙබ22  - සුභ සහ යස (ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ)
      පෙබ 23- මකරාක්ෂයා (ධර්මසිරි බන්ඩාරනායකගේ)
     පෙබ 24 - හැපි ජර්නි (ජෙහාන් ශ්‍රීකාන්තගේ)
     පෙබ 25 - ජනේලයෙන් පනින්නද (ධනුෂිකා නයනා කුමාරිගේ)
ටිකට් 50/= , 150/=

NUWAN's lane: ශ්‍රි ලංකා යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු සටන් සුනඛ කංඩායම - දෑයට කිරුලේදි

සත් සමුදුර

සත් සමුදුර

NABEELA- ආශා හිතෙන අශ්වයා

ඔයාල හැමෝම අශ්වයො දැකලා ඇතිනෙ.  නේද? අර ටී.වී එකේ දුවන්නෙ පන කඩාගෙන. යුද්ධ වල ඉන්නෙ. හැමෝද ඉතින් උන් දැකලා තියෙනවනෙ. ගොඩක් අය අශ්වයන්ව හැබැහින් දැකලත් ඇති නේද? ඔයාල අශ්වයා ගැන හිතන්නෙ කොහොමද? මම නම් අශ්වයන්ට හරි ආසයි. ඒ උන්ගෙ හැඩි දැඩි පෙනුමට. හරි ශක්තිමත් පෙනුමක්නෙ උන්ට තියෙන්නෙ.
ඒත් මම මේ කියන අශ්වයා ටිකක් වෙනස්. මමත් ඉතින් වැඩිය අශ්වයන් එක්ක වැඩ කරලා නෑ. ඒත් පහුගිය දවස් ටිකේ අශ්වයෙක්ට බෙහෙත් තරන්න ලැබුනා. මම මෙච්චර කල් දැකපු හැඩි දැඩි, හරි දැගලිලිකාර අශ්වයො වගේ නෙමෙයි. වෙනදට නම් අපි අශ්වයෙක් ලගට කිට්ටු කරන්නෙ ටිකක් බයෙන්. ඒ මොකද දන්නවද? උන් කොයි වෙලාවෙ පයින් ගහයිද දන්නෙ නෑනෙ. ඒත් මෙයා එහෙම නෑ. හරිම හොදයි. කීයටවත් පයින් ගහන්නෙ නෑ. ඒ වගේම හරි ලස්සනයි. හරි කීකරුයි. මෙයාගෙ නම නබීලා. ගෑනු සතෙක්. වයස අවුරුදු 4ක් විතර. කොළඹ පැත්තෙ ඉදලා තමයි ඇවිත් තියෙන්නෙ. ඇත්තටම මෙච්චර කාලයක් මගෙ හිතේ අශ්වයන් ගැන තිබුන අදහසට වඩා ගොඩක් වෙනස් අදහසක් මෙයා ඇති කලා.
ඉතින් මෙයා අපේ ලගට ආවෙ ඇයි කියලා කියන්නත් එපැයි නේද? මොකද අ‍පේ ලගට සතෙක් එන්නෙ ලෙඩ වුනාමනෙ. මෙයාට තිබුනෙ ගොම දාන්න බැරි ප්‍රශ්නයක්. ඒ කියන්නෙ එයා දවස් ගානකින් ගොම දාල නෑ. ඉතින්, හොයලා බලද්දි එයාට මල බද්දයත් නෙමෙයි. ඒ නිසා අපි සැක කලා මෙයාගෙ ආහාර මාර්ග පද්දතිය මොකක් හරි දෙයක් නිසා අවහිර වෙලා කියලා. ඒ කියන්නෙ බඩේ තියෙන දේවල් වල ගමන් මාර්ගය මොකකින් හරි අවහිර වෙලා. මේක ගොඩක් වෙලාවට අශ්වයන්ට වෙන දෙයක්. එයාලගෙ ආහාර මාර්ග පද්දතියෙ හැදෙනවා ගල් වගේ ජාතියක්. ඒවට කියන්නෙ enteroliths කියලා. ඒ වගේ අවහිරයක් උනාම අශ්වයන්ට හරි වේදනා කාරී. අශ්වයෝ කියන්නෙ වේදනාවට හරි සංවේදි සත්තු ජාතියක්. ඉතින් ඒ වේදනාවට උන් බිම පෙරලෙනවා. පෙරලෙනවා නෙමෙයි රෝල් වෙනවා. බඩට පයින් ගහ ගන්නවා. දගලනවා. ඒ නිසාම උන් අතිනම උන්ට ලොකු ආබාධ කර ගන්නවා. නබීරත් එහෙම දගලලා තිබුනා. සෑහෙන්න තුවාලත් තරගෙන තිබුනා.
ඉතින් මෙයාගෙ බඩේ එහෙම අවහිරයක් ඇති කියන නිගමනේ ඉදලා පහුගිය පෝය දවසෙ නිවාඩුවත් පැත්තකින් තියලා අපේ සර්ලා ටිකයි ලමයි ටිකයි එකතු වෙලා නබීරට ශෛල්‍යකර්මයක් කලා. අනෙත් රටවල් වල තියෙන දියුණු තාක්ෂණයට සාපේක්ෂව හරිම ප්‍රාථමික ගනයේලා ගනින්න පුළුවන් අපේ පහසුකම් පාවිච්චි කරලා බොහොම අමාරුවෙන් තමයි කලේ. නබීරගෙ මහා අන්ත්‍රයේ තිබිලා ඒ අවහිර වුනු දේ අපි හොයාගත්තා. ඒත් අපි බලාපොරොත්තු වුනු දෙයක් නෙමේ. ඒක පොලිතින් ගුලියක්. ඇත්තටම කියනව නම් lunch sheet ගුලියක්. ශෛල්‍යකර්මය ඉවර වෙලා ආපහු නබීර නැගිට්ටා.
ඒත් තාමත් නබීර අපහසුවෙන්... දින දෙකක් ගතවුනා. ඒත් තාම නබීර ගොම දැම්මෙ නෑ. අවසානයේදී නබීරව නැවත ශෛල්‍යකර්මයකට ලක් කරන්න තීරනය කලා. ඒ ඊයේ. ඉරිදා... ඉරිදා දිනයේදි නැවත නබීරගේ ආහාර මාර්ගය විවෘත කලා. ඒත් ඒ වන විටත් අපට දැනුන ආකාරයට එයා සිටියෙ බොහොම අමාරු තත්වයක. නබීරගෙ මහා අන්ත්‍රයේ ගොඩක් ඝන වෙච්ච ආහාර ද්‍රව්‍ය තිබිලා අයින් කලා. ‍ශෛල්‍යකර්මය අවසාන වන විටත් නබීර තවදුරටත් ජීවත් වෙයි කියලා අපට ලොකු බලාපොරොත්තුවක් තිබුනෙ නෑ.
ශෛල්‍යකර්මය අවසානවෙලා නබීරා නිර්වින්දන තත්වෙන් නැවත යතා තත්වයට පත්වෙද්දි අපි තවත් අසීරු අත්දැකීමකට මුහුණ දුන්නා. යලි පියවි සිහියට එන නබීරා එකවරම නැගිටින්න උත්සහ කලා. නමුත් තාමත් සිහිමද ගතිය නිසා හරියට සිටගන්න එයාට බෑ. නැවත ඇය ඇද වැටුනා. ඒත් අපි බොහොම අමාරුවෙන් ඒ අවස්ථාව කළමණාකරනය කර ගත්තා. ඒත් ඒ වෙලාවෙදි නබීරගෙ පිටිපස්ස කකුළකට පොඩි අනතුරක් වෙලා තිබුනා.
සුපුරුදු විදිහට අද අපි පැකල්ටි එකට එනකොට නබීරා හරි අමාරුවෙන් නිදාගෙන හිටියා. ඒත් හොද ආරංචියක් තිබුනා. ඊයෙ රෑ නබීලා ගොම දාලා. ඉතින් පොඩි සතුටක් දැනුනා. ඇත්තටම අපි ප්‍රතිකාර කරන සතෙක්ගෙ හොද අතට හැරෙනකොට හරි සතුටක් දැනෙන්නෙ. නබීර අමාරුවෙන් නිදා ඉන්නවා දකිද්දි තමා මට හිතුනෙ එයා ගැන ලියන්න ඕන කියලා. ඒත් මේක ලියන්න අරන් ටික වෙලාවකින් දැන ගන්න ලැබුන ආරංචිය මොකක්ද දන්නවද? නබීර මැරිලා. හොදට හිටිය සතා එකපාරම මැරිලා. හිතාගන්නවත් බැරි වුනා. ඒත් ඒ තමයි අශ්වයන්ගෙ හැටි. මේ හිටියා. මේ මලා. මම අශ්වයෝ කීපදෙනෙක් මැරෙනවා දැකලා තිබුනා. වෙන සත්තු බර ගානක් මැරෙනවා දැකලා තිබුනා. ඒත් නබීලා මැරිලා ඉන්නවා දැන්නම වගේ දුකක් දැනිලා තිබුන නම් දැනුනෙ පුංචි BOLT කියන බලුපැටියා මැරුන දවසෙ විතරයි. අවසානෙදි අපිට නබීලගෙ මරන පරික්ෂනෙත් කරන්න වුනා. ලන්ච් ෂීට් ගුලියකට මේ තරම් දෙයක් කරන්න පුළුවන්ද කියලා හිතුනා ඒ පරික්ෂනය ඉවර වෙද්දි.
පස්සෙ ටිකක් නබීලා ගැන හොයලා බලද්දි තමයි දැන ගන්න ලැබුනෙ නබීලා ජීවත් වුනු පරිසරය ගැන. එයා නිතරම ඉදලා තියෙන්නෙ පාර්ලිමේන්තුව ලග පිට්ටනියක. මේ පිට්ටනියට නිතරම චාරිකා වල යන මිනිස්සු නවතිනවලු කෑම කාලා යන්න. ඉතින් ඒ මිනිස්සුගෙ කෑම ඔතලා තිබුනු කොල නබීලගෙ කෑම වෙලා. අවසානෙදි නබීලගෙ මරනෙටත් වග කීව. මේ වගේ පොලිතින් කාලා අසනීප වුනු සත්තු බර කිහිප දෙනෙක්ම මම දැකලා තියෙනවා. එක එළුවෙක්ගෙ බඩෙන් අපි පොලිතින් කිලෝ 5ක් විතර එලියට ගත්තා. කාටත් මතක ඇකි නේද පහුතිය කාලෙ ත්‍රිකුනාමලේ මුවෝ බර ගානක මැරුන පොලිතින් නිසා.
ඇත්තටම අපි අපට කරන්න පුලුවන් දේ කලා.. ඒත් තියෙන සීමිත පසුකම් එක්ක මෙහෙම වුනු එකත් පුදුමයක් නෙමෙයි. අනිත් රටවල සම්පුර්නයෙන් ජීවානුහරනය කරපු ශෛල්‍යාගාර වල කරන ශෛල්‍යකර්මය අපි කලේ නිකම්ම ටයිල් පොලවක ලී කුඩු ගෝනි ටිකක් තියාගෙන. අඩු තරමෙ ඒකට හරියන මේසයක්වත් නැතිව....
නබීරා- දෙවන ශෛල්‍යකර්මයට කලින්
අශ්වයන් ගැන මම දන්න සීමිත දේවල් ටිකත් පස්සෙ සම්පූර්නයෙන් ලියන්නම්.

Sunday, February 20, 2011

දොස්තර හොදහිත

ආයුබෝවන්!
මම ඉතින් මේ field එකට අළුත්. නිකම් අත්හදා බැලීමක් විදිහට තමයි  blog එකක් ලියන්න හිතුවෙ. පටන් ගත්තෙ හරි අමාරුවෙන්. මොකද මගෙ පරිඝනක පිළිබද දැනුමත් හරිම ප්‍රාථමිකයි. කොහොම හරි ඔන්න වැඩේ පටන් ගත්තනෙ. ඒත් ඉතින් මේක කියවන්න කවුරුත් නැති වෙයිද දන්නෙ නෑ. ඒකට කමක් නෑ. ඔන්න මම ලියනවා.
මුලින්ම, මම පශු වෛද්‍ය ශිෂ්‍යයෙක්. කොටින්ම කියනවනම් “වෙන්නද දොස්තර“ සාමාන්‍ය භාෂාවෙන් නම් වෙන්නද බලු දොස්තර. නැත්නම් වෙන්නද ගව දොස්තර. ඔයාල නිකන් නෝන්ඩියට කීවට, මම එහෙම කියන්නෙ ටිකක් ආඩම්බරෙන්. (ඇයි කියලා පස්සෙ කියන්නම්.)
මම මේකට දොස්තර හොදහිත කියලා නම දම්මෙ ඇයි කියලා කියන්න ඕනනෙ. මට මුලින්ම වීරයෙක් විදිහට පෙනුනු පශු වෛද්‍යවරයා තමයි දොස්තර හොදහිත. මතකයිනෙ ඒ කාටූන් එක. හැබැයි ඒ දවස්වල පොර වීරයෙක් විතරයි. මේ ලගදි දවසක මාරි තමයි කියලා දුන්නෙ පොර පශු වෛද්‍ය වරයෙක් නොහොත් vetක් කියලා. (මාරි කියන්නෙ අපෙ බැචියක්). ඉතින් මම හිතුවා ඒ නම මේකට දාන්න.
පශු වෛද්‍යවරයා කියන වචනෙ වෙනුවට අපි මීට පස්සෙ vet කියලා කියමු. අරක දිග වැඩී.
මම මොනවද ලියන්න යන්නෙ? විෂේශයක් නෑ. හිතෙන දේවල් ලියනවා. කැමති නම් කියවන්න. දන්නවනෙ ඉතින්... අපෙ භාෂාවත් ටිකක් වෙනස්. ඒ ගැනත් පස්සෙ කථා කරමු. අනික ඉතින් මගෙ භාෂා ශෛලය, ව්‍යාකරන සෑහෙන්න චාටර්. ඒ ගැන නම් සොරි තමා.