Tuesday, February 22, 2011

NABEELA- ආශා හිතෙන අශ්වයා

ඔයාල හැමෝම අශ්වයො දැකලා ඇතිනෙ.  නේද? අර ටී.වී එකේ දුවන්නෙ පන කඩාගෙන. යුද්ධ වල ඉන්නෙ. හැමෝද ඉතින් උන් දැකලා තියෙනවනෙ. ගොඩක් අය අශ්වයන්ව හැබැහින් දැකලත් ඇති නේද? ඔයාල අශ්වයා ගැන හිතන්නෙ කොහොමද? මම නම් අශ්වයන්ට හරි ආසයි. ඒ උන්ගෙ හැඩි දැඩි පෙනුමට. හරි ශක්තිමත් පෙනුමක්නෙ උන්ට තියෙන්නෙ.
ඒත් මම මේ කියන අශ්වයා ටිකක් වෙනස්. මමත් ඉතින් වැඩිය අශ්වයන් එක්ක වැඩ කරලා නෑ. ඒත් පහුගිය දවස් ටිකේ අශ්වයෙක්ට බෙහෙත් තරන්න ලැබුනා. මම මෙච්චර කල් දැකපු හැඩි දැඩි, හරි දැගලිලිකාර අශ්වයො වගේ නෙමෙයි. වෙනදට නම් අපි අශ්වයෙක් ලගට කිට්ටු කරන්නෙ ටිකක් බයෙන්. ඒ මොකද දන්නවද? උන් කොයි වෙලාවෙ පයින් ගහයිද දන්නෙ නෑනෙ. ඒත් මෙයා එහෙම නෑ. හරිම හොදයි. කීයටවත් පයින් ගහන්නෙ නෑ. ඒ වගේම හරි ලස්සනයි. හරි කීකරුයි. මෙයාගෙ නම නබීලා. ගෑනු සතෙක්. වයස අවුරුදු 4ක් විතර. කොළඹ පැත්තෙ ඉදලා තමයි ඇවිත් තියෙන්නෙ. ඇත්තටම මෙච්චර කාලයක් මගෙ හිතේ අශ්වයන් ගැන තිබුන අදහසට වඩා ගොඩක් වෙනස් අදහසක් මෙයා ඇති කලා.
ඉතින් මෙයා අපේ ලගට ආවෙ ඇයි කියලා කියන්නත් එපැයි නේද? මොකද අ‍පේ ලගට සතෙක් එන්නෙ ලෙඩ වුනාමනෙ. මෙයාට තිබුනෙ ගොම දාන්න බැරි ප්‍රශ්නයක්. ඒ කියන්නෙ එයා දවස් ගානකින් ගොම දාල නෑ. ඉතින්, හොයලා බලද්දි එයාට මල බද්දයත් නෙමෙයි. ඒ නිසා අපි සැක කලා මෙයාගෙ ආහාර මාර්ග පද්දතිය මොකක් හරි දෙයක් නිසා අවහිර වෙලා කියලා. ඒ කියන්නෙ බඩේ තියෙන දේවල් වල ගමන් මාර්ගය මොකකින් හරි අවහිර වෙලා. මේක ගොඩක් වෙලාවට අශ්වයන්ට වෙන දෙයක්. එයාලගෙ ආහාර මාර්ග පද්දතියෙ හැදෙනවා ගල් වගේ ජාතියක්. ඒවට කියන්නෙ enteroliths කියලා. ඒ වගේ අවහිරයක් උනාම අශ්වයන්ට හරි වේදනා කාරී. අශ්වයෝ කියන්නෙ වේදනාවට හරි සංවේදි සත්තු ජාතියක්. ඉතින් ඒ වේදනාවට උන් බිම පෙරලෙනවා. පෙරලෙනවා නෙමෙයි රෝල් වෙනවා. බඩට පයින් ගහ ගන්නවා. දගලනවා. ඒ නිසාම උන් අතිනම උන්ට ලොකු ආබාධ කර ගන්නවා. නබීරත් එහෙම දගලලා තිබුනා. සෑහෙන්න තුවාලත් තරගෙන තිබුනා.
ඉතින් මෙයාගෙ බඩේ එහෙම අවහිරයක් ඇති කියන නිගමනේ ඉදලා පහුගිය පෝය දවසෙ නිවාඩුවත් පැත්තකින් තියලා අපේ සර්ලා ටිකයි ලමයි ටිකයි එකතු වෙලා නබීරට ශෛල්‍යකර්මයක් කලා. අනෙත් රටවල් වල තියෙන දියුණු තාක්ෂණයට සාපේක්ෂව හරිම ප්‍රාථමික ගනයේලා ගනින්න පුළුවන් අපේ පහසුකම් පාවිච්චි කරලා බොහොම අමාරුවෙන් තමයි කලේ. නබීරගෙ මහා අන්ත්‍රයේ තිබිලා ඒ අවහිර වුනු දේ අපි හොයාගත්තා. ඒත් අපි බලාපොරොත්තු වුනු දෙයක් නෙමේ. ඒක පොලිතින් ගුලියක්. ඇත්තටම කියනව නම් lunch sheet ගුලියක්. ශෛල්‍යකර්මය ඉවර වෙලා ආපහු නබීර නැගිට්ටා.
ඒත් තාමත් නබීර අපහසුවෙන්... දින දෙකක් ගතවුනා. ඒත් තාම නබීර ගොම දැම්මෙ නෑ. අවසානයේදී නබීරව නැවත ශෛල්‍යකර්මයකට ලක් කරන්න තීරනය කලා. ඒ ඊයේ. ඉරිදා... ඉරිදා දිනයේදි නැවත නබීරගේ ආහාර මාර්ගය විවෘත කලා. ඒත් ඒ වන විටත් අපට දැනුන ආකාරයට එයා සිටියෙ බොහොම අමාරු තත්වයක. නබීරගෙ මහා අන්ත්‍රයේ ගොඩක් ඝන වෙච්ච ආහාර ද්‍රව්‍ය තිබිලා අයින් කලා. ‍ශෛල්‍යකර්මය අවසාන වන විටත් නබීර තවදුරටත් ජීවත් වෙයි කියලා අපට ලොකු බලාපොරොත්තුවක් තිබුනෙ නෑ.
ශෛල්‍යකර්මය අවසානවෙලා නබීරා නිර්වින්දන තත්වෙන් නැවත යතා තත්වයට පත්වෙද්දි අපි තවත් අසීරු අත්දැකීමකට මුහුණ දුන්නා. යලි පියවි සිහියට එන නබීරා එකවරම නැගිටින්න උත්සහ කලා. නමුත් තාමත් සිහිමද ගතිය නිසා හරියට සිටගන්න එයාට බෑ. නැවත ඇය ඇද වැටුනා. ඒත් අපි බොහොම අමාරුවෙන් ඒ අවස්ථාව කළමණාකරනය කර ගත්තා. ඒත් ඒ වෙලාවෙදි නබීරගෙ පිටිපස්ස කකුළකට පොඩි අනතුරක් වෙලා තිබුනා.
සුපුරුදු විදිහට අද අපි පැකල්ටි එකට එනකොට නබීරා හරි අමාරුවෙන් නිදාගෙන හිටියා. ඒත් හොද ආරංචියක් තිබුනා. ඊයෙ රෑ නබීලා ගොම දාලා. ඉතින් පොඩි සතුටක් දැනුනා. ඇත්තටම අපි ප්‍රතිකාර කරන සතෙක්ගෙ හොද අතට හැරෙනකොට හරි සතුටක් දැනෙන්නෙ. නබීර අමාරුවෙන් නිදා ඉන්නවා දකිද්දි තමා මට හිතුනෙ එයා ගැන ලියන්න ඕන කියලා. ඒත් මේක ලියන්න අරන් ටික වෙලාවකින් දැන ගන්න ලැබුන ආරංචිය මොකක්ද දන්නවද? නබීර මැරිලා. හොදට හිටිය සතා එකපාරම මැරිලා. හිතාගන්නවත් බැරි වුනා. ඒත් ඒ තමයි අශ්වයන්ගෙ හැටි. මේ හිටියා. මේ මලා. මම අශ්වයෝ කීපදෙනෙක් මැරෙනවා දැකලා තිබුනා. වෙන සත්තු බර ගානක් මැරෙනවා දැකලා තිබුනා. ඒත් නබීලා මැරිලා ඉන්නවා දැන්නම වගේ දුකක් දැනිලා තිබුන නම් දැනුනෙ පුංචි BOLT කියන බලුපැටියා මැරුන දවසෙ විතරයි. අවසානෙදි අපිට නබීලගෙ මරන පරික්ෂනෙත් කරන්න වුනා. ලන්ච් ෂීට් ගුලියකට මේ තරම් දෙයක් කරන්න පුළුවන්ද කියලා හිතුනා ඒ පරික්ෂනය ඉවර වෙද්දි.
පස්සෙ ටිකක් නබීලා ගැන හොයලා බලද්දි තමයි දැන ගන්න ලැබුනෙ නබීලා ජීවත් වුනු පරිසරය ගැන. එයා නිතරම ඉදලා තියෙන්නෙ පාර්ලිමේන්තුව ලග පිට්ටනියක. මේ පිට්ටනියට නිතරම චාරිකා වල යන මිනිස්සු නවතිනවලු කෑම කාලා යන්න. ඉතින් ඒ මිනිස්සුගෙ කෑම ඔතලා තිබුනු කොල නබීලගෙ කෑම වෙලා. අවසානෙදි නබීලගෙ මරනෙටත් වග කීව. මේ වගේ පොලිතින් කාලා අසනීප වුනු සත්තු බර කිහිප දෙනෙක්ම මම දැකලා තියෙනවා. එක එළුවෙක්ගෙ බඩෙන් අපි පොලිතින් කිලෝ 5ක් විතර එලියට ගත්තා. කාටත් මතක ඇකි නේද පහුතිය කාලෙ ත්‍රිකුනාමලේ මුවෝ බර ගානක මැරුන පොලිතින් නිසා.
ඇත්තටම අපි අපට කරන්න පුලුවන් දේ කලා.. ඒත් තියෙන සීමිත පසුකම් එක්ක මෙහෙම වුනු එකත් පුදුමයක් නෙමෙයි. අනිත් රටවල සම්පුර්නයෙන් ජීවානුහරනය කරපු ශෛල්‍යාගාර වල කරන ශෛල්‍යකර්මය අපි කලේ නිකම්ම ටයිල් පොලවක ලී කුඩු ගෝනි ටිකක් තියාගෙන. අඩු තරමෙ ඒකට හරියන මේසයක්වත් නැතිව....
නබීරා- දෙවන ශෛල්‍යකර්මයට කලින්
අශ්වයන් ගැන මම දන්න සීමිත දේවල් ටිකත් පස්සෙ සම්පූර්නයෙන් ලියන්නම්.

No comments: