Sunday, March 6, 2011

රිලවු මරමුද...............?

ගිය සතියෙ මේ ලිපියෙ මුල් කොටස ලීවනෙ. ඉතිරි කොටස ලියන්න මේ තරම් කල් ගත වුනාට සමා වෙන්ට ඕන. කලින් කොටස කියෙව්වෙ නැතිනම් මෙතනට කොටන්න.

ඉතින් දැන් මම කියන්න යන්නෙ මේ රිලා ගැටළුවට අපි මොකද කරන්න ඕන කියලයි. මම කීවනෙ වගකිය යුත්තන් මේ ප්‍රශ්නෙට පිළිතුරක් දුන්නෙ නැතිනම් මිනිස්සු තමන්ගෙම වුනු පිළිතුරක් හොයා ගන්න බව මම අත්දැකීමෙන්ම දන්නවා කියලා. මිනිසුන්ගෙ උත්තරේ තමා රිලව් ටික මරලා දාන එක. මම එක පාරක් ඒක හොදටම දැක්කා. මීට අවුරුදු දෙකකට විතර කලින් වෙච්ච සිද්ධියක්. අපේ ගම කියන්නෙ මේ රිලා ගැටළුව සෑහෙන්න තියෙන පළාතක්. කවුරුත් දැකලා ඇතිනෙ පොළොන්නරුව, අනුරාධපුර පැත්තෙ නටඹුන් බලන්න ගියාම ඉන්න රිලව් ගොඩ. අපේ ගම තියෙන්නෙ පොළොන්නරුව නටඹුන් වලට ගොඩක් ලග. ඉතින් දවසක් මම ගෙදර එනකොට වැට අයිනෙ රිලවෙක් නිදාගෙන ඉන්නවා. රිලව් කියන එක සාමාන්‍ය දර්ශනයක් නිසා මම වැඩිය ගනන් ගත්තෙ නෑ. ඒත් මේ රිලවා කෙදිරි ගානවා. එහාට මෙහා පෙරලෙනවා. ටිකක් අමුතුයි. මම ටිකක් බැළුවා මොකද කියලා. ඒත් මම එතන ඉන්න එකට රිලවා වැඩිය කැමත්තක් දැක්කුවෙ නෑ. සාමාන්‍යයෙන් තනියම ඉන්න රිලව් ටිකක් භයානක නිසා මම ඉක්මනට එතනින් අයින් වුනා. ටිකක් හවස් වෙලා ගියා ආ ඌ ඉන්නවද බලන්න. ඒත් ඌ එතන හිටියෙ නෑ. පහුවදා උදේ තමයි මට වෙලා තියෙන දේ තේරුනේ. අපේ ගෙවල් පලාතෙ තැන් තැන් වල රිලව් මැරිලා වැටිලා ඉන්නවා. මුළු රිලා රංචුවෙන් සෑහෙන පිරිසක් මැරිලා. 

කොහොමද රිලව් එක පාරම මැරුනෙ? එක ගෙදරක මිනිස්සු රිලා රංචුවට බත් එක්ක වහ දීලා. ඇයි එහෙම කලේ? මේ ගෙදර තියෙන්නෙ ගමෙත් කැලෑවෙත් සීමාවෙ. ඉතින් ගමට එන රිලව්ගෙන් වැඩිම කරදර වෙන්නෙ මේ ගෙදරට. ගෙදර මිනිස්සු කන්න උයාගන්න බත් එක පවා රිලව් උස්සගෙන යනවා. මේ බත් හොරකමට රිලව් ටික පුරුදු වෙලා හිටියා. ඉතින් මේ මිනිස්සුන්ට මේක තවත් ඉවසගෙන ඉන්න බැරි වුනා. මිනිස්සු කලේ බත් එකට කුරේට ඇට මිශ්‍ර කරලා තියලා තියපු එක. රිලව් රංචුව එදත් බත් මුට්ටිය ඉස්සුවා. පහුවදා උදේ වෙද්දී රිලවු සෑහෙන ගානක් මැරිලා වැටුනා. මට මතක විදිහට 30කට වඩා රිලව් මැරිලා හිටියා.
සමහරු නම් හිතනවා ඇති හොද වැඩේ කියලා. ඒත් ඒක එච්චර හොද වැඩක් කියලා මම නම් හිතන්නෙ නෑ. ඒ මිනිස්සුන්ගෙ පැත්තෙන් බැළුවෙත් නම් ඒක සාධාරනයි තමා. ඒත් මිනිස් සමාජයක් විදිහට එහෙම වෙන්න දෙන එක එච්චර හොද නෑනෙ. කොහොම හරි එදා මේ සිද්ධිය ආරංචි වෙලා නිලධාරියො ටිකක් ආවා බලන්න. අර මිනිස්සු කීවා කුඹුරට ගහන්න ගෙනත් තිබ්බ කුරේට ඇට පැකට් එකක් රිලා රංචුව උස්සගෙන ගිහින් කාලා කියලා. ඒ නිසා ප්‍රශ්නයක් වුනේ නෑ. 

ඉතින් ඔන්න ඔහොම තමා මිනිස්සු මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ. ඉතින් මේ ප්‍රශ්නෙට පිළිතුරු මොනවද? පහුගිය කාලෙ ප්‍රදේශ කීපයක නම් (මහියංගනේ පැත්තෙ) ඉන්න රිලා රංචු අල්ලා මහවැලි ගගේ තියෙන දූපතකට ගිහින් දැම්මා. (ඊට කලින් උන්ව වද සැත්කම් වලට ලක් කලා) ඒත් ඉතින් හැම වදුරැ රංචුවම අල්ලා ගිහින් දාන්නෙ කොහාටද? ලංකාවෙ අලි ප්‍රශ්නෙට කරන්නෙත් අලි අල්ලලා වෙන කැලෑවලට ගිහින් දාන එකනෙ. හැබැයි අලි නම් ගිහින් දාපු තැනටම වෙලා ඉන්නෙ නෑ. උන් සංක්‍රමනික සත්තු විශේෂයක්නෙ. ඒ නිසා ඒ ක්‍රියාවලිය අසාර්ථකයි (අලින්ගෙ). අලි ප්‍රශ්නෙ ගැන නම් හොදටම ලියලා තියෙනවා වන ජීවී පශු වෛද්‍ය විජිත පෙරේරා මහත්තයා. එයාගෙ වන අලි සමග දස වසරක් පොත පුලුවන්නම් කියවන්න. ඇත්තටම දුක හිතෙයි ඒ සද්දන්ත අලි ගැන.

කොහොම හරි දැන් මේ රිලව්න්ගෙ ප්‍රශනෙට මොකද කරන්නෙ. කරන්න දේවල් දෙකයි තියෙන්නෙ. උන්ගෙ ගහනය අඩු කරන්න ඕන. නැත්නම් කැලෑ වැඩි කරන්න ඕන. ඒත් ඉතින් ඔය දෙවෙනි එක කරනවා කියන්නෙ ප්‍රායෝගික දෙයක් නෙමෙයිනෙ. ඉතින් මම හිතන්නෙ ඒ නිසා රිලා ගහනය අඩු කරන්න ඕන කියන එකයි. ඒක කරන්නත් ක්‍රම දෙකක් තියෙනවා. එක්කෙ අර මිනිස්සු කලා වගේ රිලව් ටික මරලා දාන්න ඕන. නැත්නම් උන්ගෙ ප්‍රජනන ක්‍රියාවලිය අඩු කරන්න ඕන. රිලව් මරලා දාන්න නම් පුළුවන්. ඒත් ඉතින් අපි වගේ සිංහල බෞද්ධ රටක එහෙම කරන්න පුළුවන්ද? අනිත් අතට සත්ව අයිතින් ගැන, සත්ව සුභසාධනය ගැන සෑහෙන්න සැලකිලිමත් වෙන කාලයක් මේ. ඒ නිසා මම නම් හිතන්නෙ දෙවනි විකල්පය තමා හරියන්නෙ. ඒත් ඒක කරන්නෙ කොහොමද? 

හැමෝම දන්නවනෙ මේ වෙනකොට ලංකාවෙ ජලභීතිකාව තුරන් කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ සදහා සුනඛ ගහනය අඩ කරන්න වන්ද්‍ය කරන සැත්කම් කරනවා කියලා. ඒකෙදි කරන්නෙ ගෑනු, පිරිමි බල්ලන්ව සම්පූර්නයෙන් වදභාවයට පත් කරන එක. මේකෙදි බල්ලන්ගෙ නම් සම්පූර්න වෘෂණ අයින් කරනවා. බැල්ලියන්ගෙ නම් ගර්භාශයයි, ඩිම්භ කෝෂයි දෙකම අයින් කරනවා. එත් දැන් නම් පිරිමි සතුන්ගෙ වද සැත්කම් නතර කරලා තියෙන්නෙ. මම නම් හිතන්නෙ ඒක නතර කරපු එක මගින් ඒ වැඩ සටහනේ අරමුණට ලොකු පාඩ්වක් වුනා කියලා. ඒ ගැන අපි වෙනම කථා කරන්න ඕන. ඉතින් මේ සැත්කම් කලාට පස්සෙ මේ සත්තු තව දුරටත් ලිංගිකව සක්‍රීය නෑ. ඒ කියන්නෙ ඊට පස්සෙ මෙ සත්තු රැලේ යන්නෙ නෑ. ඒ නිසා සුනඛ ගහනය අඩු වෙනවා. 

ඒ වගේම වද සැත්කම් කිරීමේ වැඩ සටහනක් රිලා ගහනය අඩු කරන්න ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි මෙතනදි අපි සලකන්න ඕන කාරනා කිහිපයක් තියෙනවා. එකක්, රිලවුනගෙ නම් ගෑනු පිරිමි දෙගොල්ලොම වද සැත්කම් වලට ලක් කරන්න අවශ්‍ය නෑ. පිරිමි සත්තුන්ට විතරයි මේ සැත්කම් කරන්න ඕන. ඒත් හැම පිරිමි සතාටම සැත්කම් කරන්න ඕන වෙයි කියලා ම හිතන්නෙ නෑ. මොකද රිලවුන්ගෙ ප්‍රජනන චර්යාව ටිකක් වෙනස් නිසා. රිලා රංචුවක ඉන්න නායක රිලවා (ප්‍රමුඛ පිරිමියා/ Dominant Male/ Alpha Male) තමා ප්‍රජනන ක්‍රියාවලිය සදහා සර්ව බලධාරියා විදිහට ක්‍රියාත්මක වෙන්නෙ. රැලක සියළුම ගෑනු සත්තු අයිති මේ රිලවටයි. ඒ නිසා මේ නායක වදුරා තමයි වද කිරීමට ලක් කරන එක වැදගත් වෙන්නෙ. අනිත් පිරිමි සත්තු වද කරන එක අවශ්‍ය නෑ කියලයි මට නම් හිතෙන්නෙ. මොකද අපිට ඕන රිලවා වද වී ගිය සත්ව විශේෂයක් කරන්න නෙමේනෙ. අපට ඕන ගහනය අඩු කරන්න නෙ. 

හැබැයි අපි නායක රිලවටත් අර බල්ලන්ට කරන විදිහෙ සම්පූර්න වෘෂණ අයින් කරන සැත්කමක් (Castration) කරන්න බෑ. මොකද? එහෙම කලාම ඒ රිලවා තවදුරටත් ලිංගිකව සක්‍රිය නෑ. ගොඩක් පිරිමි ලක්ෂන අඩු වෙලා යනවා. එහෙම වෙච්ච ගමන්ම මේ රිලවව එලවලා දාලා රැලේ ගෑනු සතුන් අයිති කර ගන්න බලාගෙන ඉන්න වෙන ශක්තිමත් රිලවෙක් ක්‍රියාත්මක වෙයි. ශක්තිමත් භාවය මත තමා නායකත්වය රැදිලා තියෙන්නෙ. එහෙම වුනොත් ඒ රිලවා නායකත්යෙන් විතරක් නෙමෙයි රැලෙනුත් පන්නලා දානවා. එතකොට අපේ අරමුණ ඉටු වෙන්නෙ නෑ. ඒ නිසා මේ සදහා භාවිතා කරන්න වෙන්නෙ ලිංගික සක්‍රිය භාවය තවදුරටත් ඉතිරිවෙන, වෙනත් මොකක් හරි උපත් පාලන ක්‍රමයක්. ඒ සදහා අපිට වාසෙක්ටමි සැත්කම කරන්න පුළුවන් (vasectomy). ඒකෙදි කරන්නෙ ශුක්‍ර නාල දෙක කපලා සීල් කරන එකයි.  

මම මේ විස්තර කලේ මේ ගැටළුව සදහා විසදුමක් විදිහට මට පේන දේයි. කොහොම නමුත් මේ පිළිබදව ඉක්මනින්ම පියවරක් ගත යුතුයි කියන එකයි මගේ යෝජනාව. මේ ගැන තවදුරටත් පරික්ෂන කරන්න ඕන. දැනටමත් මේ ගැන එක් එක් විදිහෙ අත්හදා බැලීම් සිද්ධ වෙනවා. මම කලින් කීවනෙ අපිත් රිලවෙක් අල්ලන්න ලෑස්ති වුනා කියලා. ඒත් මේ ගැන හොයලා බලන්න තමා.
කොහොම නමුත් ඉක්මනින් මේ සදහා විසදුමක් සොයන එක රිලවුන්ටත් මිනිස්සුන්ටත් දෙගොල්ලන්ටම සෙතක් වේවි. 

අවසානයට අපි රිලවු මරමුද? නැත්නම් ගහනය පාලනය කරමුද? ඔබ කැමති කෝකටද?

2 comments:

සංකල්ප said...

රිලවුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙන හන්දා මරන එක නම් හෙනම පාපයක්. ගහනය පාලනය කරමු. එතකොට එයාලටත් අවුලක් නෑ .අපිටත් ප්‍රශ්නයක් නෑ.

දොස්තර හොද හිත ගේ බ්ලොග් එකට කිහිපවතාවක්ම හත්මාලුවේ තිබ්බ ලින් ක් එකෙන් යන්න ට්‍රයි කලා. එත් හරි ගිය් ඒ නෑ. මොකෝ උනේ ???

දොස්තර හොදහිත said...

@මධුරංග-
අදහසට තුති. බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා. මම හිතාගෙන ඉන්නෙ අපේ පැත්තෙ මේ ගැන වැඩසටහනක් කරන්නග

ලින්ක් එකට මොකක් වුනාද නම් දන්නෙ නෑ. මට නම් වැඩිය ඒ ගැන තේරුමක් නෑ. මම තාම මේ ජංජාලෙ ගැන ඉගෙන ගන්නවා.