Monday, February 28, 2011
අයියා බැදලා නැද්ද ??- උනන්දුවාගේ ඇන ගැනීම
උනන්දුවා කියන්නෙ අපේ බැචෙක්. මූ අපේ බැචෙක් වුනේ අපේම වාසනාවකටද කොහෙද? ඒ තරම් පොරක් මූ. ඒ වැදගත් කම නිසාම උනන්දුවා ගැන ලියන්න හිතුනා. සාමාන්‍යෙයන් අපෙ පැකල්ටි එකෙන් එළියට යන්න කලින් පොඩි සමුගැනීමේ සාදයක් තියෙනවනෙ. ඒකෙදි එක එක පුද්ගලයා ඉස්සරහට ගෙනල්ලා එයාලා ගැන පොඩි චරිතප්රධානයක් කරනවා. අපි නම් ඒකට කියන්නෙ මඩ ගහනවා කියලා. මඩ කීවට ඒව මඩ නෙමෙයි. ඇත්ත. එතනදි තමා ගොඩක් වෙලාවට සරසවි ජීවිතේ රසවත් සිද්ධි ටික ප්‍රසිද්ධියට පත්වෙන්නෙ. අපෝ මතක්වෙනකොටත් ඇග හිරි වැටෙනවා. අපිටත් ඉස්සරහට කොහොම මඩ වදීද දන්නෙ නෑනෙ. කොච්චර හොදට ඇද පැලදගෙන ඉස්සරහට ගියත් ආපහු එන්න වෙන්නෙ රෙදි නැතුව.
කථාවෙන් පිට පැන්නනෙ? හරි ඔන්න අපේ උනන්දුවා කියලා පොරක් ඉන්නවා. පොර නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උනන්දුවෙක් තමා. කෑගල්ල පැත්තෙ ගෙවල්. වැඩිපුර ප්‍රසිද්ධ නාගයා කියලා. මුචලින්ද කියලත් කියනවා. ඒ තරමට ඇත්ත කියන්නෙ. උනන්දුවා නිසා කෑගල්ලට දැන් අපි කියන්නෙ නයි පුරය කියලා.
මේ ඇත්ත කීමේ පුරුද්දට අමතරව මෙයාට තවත් මරු පුරුද්දක් තියෙනවා. මෙයා කට ඇරියොත් ආය ඉතින් අහන්න දෙයක් නෑ, හොදවයින් ඇන ගන්නවා. මේ කියන්න යන්නෙ එහෙම සිද්දියක් ගැන.
ඔන්න අපේ අනුරාධපුරේ ඉන්න බැචියක් කකුලක් කඩාගෙන ගෙදරදි බයික් එකෙන් වැටිලා. ඉතින් දවස් ගානක් තිස්සෙ ඇදේ. ඉතින් අපි සෙට් වුනා මේ කෙල්ලව බලන්න යන්න. (මේ වගේ චාන්ස් අපි අතාරින්නෙ නෑ. හොදට කන්න හම්බ වෙනවනෙ. කැන්ටිමේ රස මසවුලු කාලා, කාලා ඇතිවෙලානෙ ඉන්නෙ.) කොහොම හරි අපි උදේ 10,11 වෙනකොට අපි බැචිගෙ ගෙදරට ගියා.එහෙදි අපට සෙට් වුනා මේ බැචිගෙ හිච් එක.( හිචි එක කියන්නෙ යාළු වෙලා ඉන්න කොල්ලට හෝ කෙල්ලට) මේ සම්බන්දෙ ගැන ගෙදරිනුත් දන්නවා. කෙල්ල කැම්පස් එකෙන් අවුට් වුනු ගමන් බදින්න තමයි ලෑස්තිවෙලා ඉන්නෙ. කොහොම හරි පොර අපිවත් එක්කරගෙන ගියා පොරගෙ රෙස්ටුවරන්ට් එකකට. ඔන්න ඉතින් බෝතල් ටිකක් ආවා. ටික ටික ඒව හිස් වුනා. හැබැයි උනන්දුවා නම් බීවෙ බියර් විතරද කොහෙද. අපි ඉතින් අහිංසකයිනෙ. පැත්තකට වෙලා බලාගෙන හිටියා. කොහොම හරි සෑහෙන වෙලාවක් මේ සංග්‍රහය පැවත්වෙන අතරෙ සතුටු සාමිචියෙ යෙදිලා හිටියා කට්ටිය.
ටික වෙලාවකින් ඔන්න කට්ටියගෙ දොඩමළු බව වැඩි වුනා. අර අයියා ඉතින් සෑහෙන විස්තර ටිකක් කීවා ඒ දෙන්නගෙ ලව් එක ගැන. ඔහොම ටිකක් වෙලා යද්දි අපෙ උනන්දුවා පොරගෙන් ඇහුවා
“අයියෙ ඔයාට වයස කීයද?“
“ මල්ලි හිතන්නෙ කීයක් විතර ඇතිද?“
උනන්දුවා- “ 30ක් විතර“
අර පොර- “ ටිකක් ලගයි. මට 29ක්“
උන්නදුවා ටිකක් වෙලා කල්පනා කරලා එකපාරටම අහපි
“අයියෙ එතකොට ඔයා බැදලා නැද්ද?“
අනේ දෙයියනේ. මට පොළව පලාගෙන යන්න හිතුනා. ඇයි මල හත්ඉලව්වෙ මේ පොර අපෙ බැචීව බදින්න ඉන්න ඩයල් එක. මූ අහනවා බැදලා නැද්ද කියලා. අපිට කියා ගන්න දෙයක් නැති වුනා. ඒක තමා මම කලින් කීවෙ මූත් එක්ක ඉන්න අපි හෙන වාසනාවන්තයි කියලා.
මේ උනන්දුවාගේ පොඩි සුලු ඇන ගැනිල්ලක් විතරයි. අපෝ ඔක්කොම ලියන්න ගියොත් නම් වෙන වැඩක් නැතිවෙයි.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment